News Editor

News Editor

සූක්ෂම ලෙස යතුරු පැදි සොරකම් කළ පුද්ගලයෙකු කොටු

විවිධ ප්‍රදේශවල නවතා තිබූ සූක්ෂම ලෙස සොරකම් කළ පුද්ගලයෙකු එලෙස සොරාගත් යතුරු පැදි ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්ලවාය සහ බිබිල පොලිස් ස්ථානවල නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. මෙම සැකකරු විසින් අයිතිකරුවන් විසින් නවතා…

තරුෂිගේ ක්‍රීඩා ඇඳුම ඔලිම්පික් කටුගෙට

මීටර් 800 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න මෙයට දින කිහිපයකට පෙර පැරිස් ඔලිම්පික් උලෙළේ දී තරඟ කිරීමට යොදාගත් ඇඳුම් කට්ටලය ජගත් ඔලිම්පික් කමිටුවේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට ඉල්ලා තිබෙනවා. ජාත්‍යන්තර ඔලිම්පික් වැඩසටහන් ජ්‍යේෂ්ඨ කළමනාකාරිණී ඈන් ජකාඩ් මහත්මිය විසින් මෙම ඉල්ලීම කර ඇති බව…

බලාපොරොත්තු රැසක් සමගින් අරුණ අද තරග බිමට

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 400 ඉසව්වේ අවසන් පූර්ව වටයේ අද (06) පැවැත්වෙන තරගයට අරුණ දර්ශන එක්වෙනවා එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 11යි 5ට පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ මූලික වටයේ තරඟ 06කින් සමන්විත වූ මෙම…

ආරාම ගොඩනැඟිල්ලක ඇති වූ ගින්නකින් මෙහෙණින්වහන්සේ නමක් මියගිහින්

රස්නායකපුර අඹගම්මන ප්‍රදේශයේ ආරාම ගොඩනැඟිල්ලක ඊයේ (05) අලුයම ඇතිවූ ගින්නකින් එහි වැඩසිටි මෙහෙණින් වහන්සේ නමක් මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගියේ එම ආරාමයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ ලෙස කටයුතු කළ මිරිහෙලියේ සුපේක්ෂලා නමැති වයස අවුරුදු 70ක මෙහෙණියකි. මෙම ආරාමයේ…

ක්ලබ් වසන්ත සහ දෙදෙනකු ඝාතනය: සැකකාර 10 දෙනා යළි රිමාන්ඩ්

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයකදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 10 දෙනා අගෝස්තු මස 20දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබන්ඩාර මහත්මිය…

මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ ඉල්ලීම ඉටු කළ ජනපති

සිය විද්‍යාලයට අඩු පාඩුවක්ව පවතින සුහුරු පන්ති කාමරයක් ලබා දෙන ලෙස සහ ක්‍රීඩා පිටිය නවීකරණය කර දෙන ලෙස මහනුවර මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීම ඉටු කර දීමට ජනාධිපතිවරයා එම අවස්ථාවේම පියවර ගෙන තිබෙනවා එම…

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇත. අද (05) පස්වරු 2.30ට නිකුත්කරන ලද එම නිවේදනය රාත්‍රී 11.30 දක්වා වලංගුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්…

ලක්ෂ 32 ක නීති විරෝධී දුම්වැටි සමඟ පුද්ගලයෙක් කොටුවෙයි

රුපියල් තිස් දෙලක්ෂ හතලිස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී , ඒවා රැගෙන ආ  පුද්ගලයා  ද සමඟින් අද (05)  උදෑසන අත් අඩංගුවට ගැනීමට  කටුනායක…

එංගලන්ත හිටපු ක්‍රීඩක ග්‍රැහැම් තෝර්ප් අභාවප්‍රාප්ත වෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වන ග්‍රැහැම් තෝර්ප් අද (05) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට හෙතෙම 55වැනි වියේ පසුවුණි. 2022 වසරේ සිට “බරපතල රෝගාබාධයක්” සමඟ පීඩා විදිමින් සිටි ග්‍රැහැම් තෝර්ප් අභාවප්‍රාප්ත වූ බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි. එංගලන්තයෙන්…

බංග්ලාදේශ අගමැතිනිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි -රටින් පලා යයි

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. එමෙන්ම ඇය එරට අගනුවර වන ඩකා නුවරින් ඉවත්වී ඇති බවට වාර්තා පළවන බවයි BBC පුවත් සේවය පවසන්නේ. ඒ අනුව ඇය ඉන්දියාවේ අගර්තාලා නගරයට සිය සහෝදරිය සමග හෙලිකොප්ටරයකින් පිටත්ව ගොස් ඇති…