News Editor

News Editor

ආසියානු නැඟී එන ක්‍රිකට් ශූරතාව ඇෆ්ගනිස්තානයට

මුල් පෙළ පිතිකරුවන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් නැඟී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම හමුවේ කඩුලු 7කින් පරාජය වීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සිදු විය. ආසියානු ක්‍රිකට් කවුන්සිලය 6 වැනි වරට මේ තරගාවලිය…

ශ්‍රී ලංකා ක්‍රිකට් ‘සිස්ටම් චේන්ජ්’ එකක්-දක්ෂතා ඇති සෑම ක්‍රීඩකයකුටම අවස්ථාව ලැබෙන පරිදි නිශ්චිත ක්‍රමවේදයක් හදනවා – නායක චරිත් අසලංක

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ අවස්ථාව ලබා ගැනීම උදෙසා ක්‍රීඩකයන් අතරේ දැඩි තරගකාරීත්වයක් ඇති හෙයින් දක්ෂතා අතර සිටින සෑම ක්‍රීඩකයකුටම මාරුවෙන් මාරුවට අවස්ථාව ලැබෙන පරිදි නිශ්චිත ක්‍රමවේදයක් මේ දිනවල සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා එක්දින නායක චරිත් අසලංක පැවසීය.…

පාකිස්තානය 2-1කින් ටෙස්ට් තරගාවලිය දිනයි

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තෙවැනි ටෙස්ට් තරගය කඩුලු 9කින් ජය ගැනීමට සත්කාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමත් විය. මේ සමඟ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට පාකිස්තානයට හැකි විය. රාවල්පින්ඩිහිදී පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර…

බස් නැවතුම්පොළකට ට්‍රක් රථයක් කඩාවැදී ටෙල් අවීව් නුවර 40කට තුවාලයි-ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැකයක්

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර ගිලට් ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුරක් අසල බස්නැවතුම්පොළකට සැක කටයුතු ට්‍රක් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයන් 40 දෙනකු තුවාල ලබා ඇතැයි ඊශ්‍රායලයේ ජෙරුසලම් පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය. ඉන් 10 දෙනකුගේ තත්ත්වය බරපතළ බව ද වාර්තා වේ. මෙය…

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාරයක් ඉරාන හමුදා සෙබළු 3ක් මියයති-අමෙරිකාවේ සම්බන්ධයක් නැතැයි ධවල මන්දිරය කියයි

ඉරානය හා ඉරානයේ සහාය ලැබෙන හෙස්බුල්ලා ඇතුළු කණ්ඩායම් වෙතින් දිගින් දිගටම එල්ල වන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධව ඊශ්‍රායලය ප්‍රසිද්ධියේ පිළිගත් පළමු අවස්ථාව…

ඊශ්‍රායල හමුදාවේ ඉරාන ප්‍රහාරය රටවල් රැසක් හෙළාදකී

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් ඉරානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීම මැදපෙරදිග සාමය හා ආරක්ෂාව තවදුරටත් බිඳ දැමීමක් බව ප්‍රකාශ කරමින් මැදපෙරදිග අරාබි රටවල් ඇතුළුව රටවල් රැසක් එම ප්‍රහාරය හෙළා දැක ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රහාරය ඉරානයේ ස්වෛරීභාවය අමඅමුවේ උල්ලංඝනය…

පිලිපීනයේ නායයෑම්වලින් 136ක් මරුට-තවත් 36ක් ආගිය අතක් නෑ

පිලිපීනයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් උද්ගතවූ ගංවතුර හා නායයෑම්වලින් පුද්ගලයන් 136 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් 36 දෙනකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අතුරුදන් වූ පිරිස සොයා පිලිපීන පොලිසිය හා වෙරළාරක්ෂක බළකාය මෙහෙයුම් ආරම්භ කර තිබේ. දින…

උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය දක්වා ධාවන කටයුතු යළි ඇරඹෙයි

කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ කර තිබෙනවා. දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග මාස 10 කට පසු යාල් දේවී හා රජරට රැජින දුම්රිය මෙලෙස යළි ගමන් ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන්…

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පදවිය පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය නිවේදනය කරයි. ඊයේ (27) සවස් කාලයේ පදවිය පොලිස් වසමේ 01 කණුව ප්‍රදේශයේදී පදවිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත කාර් රථයක් පරීක්ෂා කිරීමේදී…

පළාත් කිහිපයකට මී.මී 50 ට වඩා වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…