News Editor

News Editor

තීරු බදු අඩුකර ගැනීම සඳහා අද අමෙරිකාව සමග තවත් Online සාකච්ඡාවක්

අමෙරිකානු තීරු බදු සම්බන්ධයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ අද (23) තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.දෙපාර්ශ්වයේ අවසන් එකඟතාවලට අදාළව ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ. මෙරට අපනයන…

ඝාතන සිද්ධියකට පියෙකු හා පුතුන් දෙදෙනකු ඇතුළු සිව් දෙනෙකුට මරණ දඬුවම

තම පුතෙකුගේ බිරිය සමඟ අනියම් ප්‍රේම සබඳතාවයක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙකුට පොලු වලින් පහර දී මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි පියෙකු හා පුතුන් දෙදෙනකු ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකු එකී චෝදනාවට වරදකරුවන් බවට තීන්දු කර, විත්තිකරුවන් සිව්…

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ජූලි මස දීමනාව හෙට බැංකු ගිණුම් වෙත

අස්වැසුම පළමු අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ 2025 ජූලි මස දීමනාව හෙට (24) ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව, රුපියල් 11,296,461,250 ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,424,548 ක් අතරේ බෙදා හැරීම සඳහා…

විභාග ක්‍රමයේ නව වෙනසක් – නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ඉදිරියේදී විභාග ක්‍රමය වෙනස්කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනකට එක්වෙමින්. කෙසේනමුත් ජාතික අධ්‍යාපන ආයතනය, පාසල් පැවැත්වෙන කාලය…

රාජිතගේ පෙත්සම සලකා බැලීමට දින දෙයි

තමන්ව අපේක්ෂිත ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා ලබන 30 වනදා කැඳවන…

කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 151.15කින් ඉහළට

කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද (23) දින ඒකක 151.15 කින් (0.79%) ඉහළ යාමෙන් පසු 19,243.08 ක් ලෙස වාර්තා වුණා. ඒ අනුව එහි පිරිවැටුම රුපියල් බිලියන 6.2 ක්.

නුගේගොඩ පාලම උඩ මාරක අනතුරක්

නුගේගොඩ ගුවන්පාලම උඩ අද (23) අලුයම සිදුවූ රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. එහිදී බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සහ පසු අසුනේ ගමන් ගත් මගියෙකු කළුබෝවිල රෝහලට…

ගාලුමුවදොර සිද්ධියේ දේශබන්දුට එරෙහි නඩුව ඔක්තෝබර් පළමුවැනිදාට කල්තැබේ

ගාලු‍ මුවදොර විරෝධතාකරුවන්ට පහරදුන් සිද්ධියට අදාළ පැමිණිල්ලක, පළමුවෙනි සැකකරු ලෙස නම් කර ඇති, දේශබන්දු තෙන්නකෝන්ට සිතාසි හෝ වරෙන්තු නිකුත් කිරීමකින් තොරවම ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ ප්‍රතිශෝධන අයදුම්පතක් ඔක්තෝබර් 01 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද නියෝග…

මඩකලපුව, කොට්ඨාස බුද්ධි ඒකකයේ හිටපු OIC රඳවාගෙන ප්‍රශ්න කරයි

පාස්කු ප්‍රහාරයේ විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගත් මඩකලපුව, කොට්ඨාස බුද්ධි ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට පැවසෙන, වව්නතිව් ප්‍රදේශයේදී…

ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා අගෝස්තු මස අග වන විට ඉල්ලා අස්වන බව නිවේදනය කරයි

ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා අගෝස්තු මස අග වන විට ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා. ඔහුගේ පරිපාලනයට ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය අහිමි වූ දරුණු මැතිවරණ පරාජයකින් පසුවයි ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ.