News Editor

News Editor

ජෝ බයිඩන්ට සැත්කමක්

සමෙහි පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විදින අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් හට සැත්කමක් සිදු කර ඇත. 82 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා, දීර්ඝ කාලයක සිට පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විදිමින් සිට ඇති අතර පසුගියදා ඔහු ශල්‍යකර්මයකට ලක්ව ඇති බවට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙකු…

තායිලන්තයේ නව අගමැති අනුටින් චාන්විරකුල්

තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අනුටින් චාන්විරකුල් අද (5) තේරීපත්විය. එරට පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් අනතුරුව ඔහු මෙම ධුරයට පත්ව ඇත. තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය පේටොංටාර්න් ෂිනවත්‍රා  පාර්ලිමේන්තුව විසින් බලයෙන් පහකළ අතර, එම පුරප්පාඩුව වෙනුවෙන් මෙම ඡන්ද විමසීම පැවැත්විණි.

ඉතිහාසයේ පළමු වරට කාන්තාවන් 4 දෙනෙකුට පොලිසියේ ඩී.අයි.ජී. පත්වීම්

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට එකවර කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ සිට නිලධාරිනියන් සිව් දෙනෙකු කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කොට තිබෙනවා. පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි, පහත නම් සඳහන් නිලධාරිනියන් 2025 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන…

පොලිස් විශේෂ මෙහෙයුම යටතේ පුද්ගලයින් 724 දෙනෙකු අත්අඩංගුවට

අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළව දිවයින පුරා සිදුකරන විශේෂ මෙහෙයුම යටතේ සැකපිට පුද්ගලයින් 724 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම, 26 දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත පුද්ගලයින් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. ඊයේ කළ මෙම මෙහෙයුමට අදාළව බීමත් රියදුරන් 47…

හිටපු ක්‍රිකට් නායක රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් ඉල්ලා අස්වෙයි

හිටපු ක්‍රිකට් නායක රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් (NSC) ඉල්ලා අස්වී තිබෙනවා. 2025 පෙබරවාරි 14 දිනැති ලිපියක් මගින් 2025-2028 කාලය සඳහා ඔහු ජාතික ක්‍රීඩා කවුන්සිලයට පත් කරන ලද අතර, 2025 පෙබරවාරි 20 වන දින නිල වශයෙන් ඔහු එම තනතුර පිළිගෙන…

ඇල්ලේ බිහිසුණු බස් අනතුර සම්බන්ධයෙන් විපක්ෂනායකවරයාගේ ශෝකය

ඇල්ල ප්‍රදේශයේ ඊයේ (04) සිදු වූ මාරක රිය අනතුර පිළිබඳ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සිය ශෝකය පළකරමින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු සියලු ම දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය…

කොළඹ ජල කප්පාදුව අවලංගු කෙරේ

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට හෙට (6) පෙ.ව. 10.30 සිට ප.ව. 7.30 දක්වා පැය 9 ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර එය අවලංගු කර ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ප්‍රදේශ රැසකට අද වැසි

ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල අද දිනයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ යාපනය දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව…

මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ජනපතිගේ පණිවිඩය

සමාජයේ ඇති නැති පරතරය සහ දුරස් බව මුලිනුපුටා දමා සමානාත්මතාව මිනිස් හදවත්හි රෝපණය කිරීමට අරගලයක් දියත් කළ නබිනායකතුමන්ගේ ආදර්ශය, වත්මනෙහි අප හමුවේ ඇති සමාජමය අභියෝග ජය ගනිමින් සමනාත්මතාවෙන් සපිරි, නීතිගරුක සහ සාරධාර්මික රටක් ගොඩනැඟීමට දරන ප්‍රයත්නයේදී නොනිමෙන ආලෝකයක් සපයන බව…

මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරියගේ පණිවිඩය

සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය, පීඩිත ජනයා කෙරෙහි දක්වන කරුණාව සහ පාලකයන්ගේ වගවීම පිළිබඳ මුහම්මද් නබි නායකතුමන්ගේ ඉගැන්වීම්, වර්තමාන සමාජයට වෙන කවරදාටත් වඩා අදාළවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කරනවා. ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි…