News Editor

News Editor

මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය වෙනුවෙන් ඉන්දියාව ලබාදෙන මුදලේ පළමු කොටස නිකුත් කරයි

මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය සදහා සංඥා සහ විදුලි සංදේශ පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දීය රජය විසින් පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 14.89ක වියදමින් ණයක් ලෙස ඉන්දීය රජයෙන්…

අද සිට අධිවේගී මාර්ගවල ගමන් කරන සැහැල්ලු වාහනවල පසුපස අසුනේ ආසන පටි පැළඳීම අනිවාර්ය වෙයි

අද (01) සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින මගීන් ද ආසන පටි පැළඳීම අනිවාර්ය බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව  දක්ෂිණ, කොළඹ-කටුනායක, සහ මධ්‍යම අධිවේගී මාර්ග ඇතුළු දිවයිනේ සියලුම අධිවේගී මාර්ග සඳහා මෙම…

අද කාලගුණ නිවේදනය

උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, වවුනියාව, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75…

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරුබද්ද 20% ක් දක්වා අඩු කෙරේ

අමෙරිකානු ජනපති ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව සඳහා පැනවූ තීරුබද්ද 20% ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව නව තීරුබද්ද අගෝස්තු මාසයේ සි‍ට ක්‍රියාත්මක වන බවයි සඳහන් වෙන්නේ. මීට පෙර 44% ක තීරුබද්දක් පැනවීමට කටයුතු කර තිබූ අතර පසුව…

අගෝස්තු මාසයේ ඉන්ධන ගාස්තු සංශෝධනයක් නැහැ – Ceypetco

අගෝස්තු මස ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව, වෙළඳපොළ තුළ පවතින මිලටම ඉන්ධන අලෙවිය සිදුවන බවයි එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ. අදාළ නිවේදනය පහතින්.

මගීන්ට සිහි නැතිකර රන්භාණ්ඩ කොල්ලකෑ ත්‍රිරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට

සිය ත්‍රීරෝද රථයට කූලී ගමන් යාම සඳහා ගොඩවන පුද්ගලයින්ට අතරමඟදී සිහි නැතිවන පානයක් උපක්‍රමකව බීමට ලබාදී රන් භාණ්ඩ සොරකම් කළ ත්‍රී රෝද රථ රියදුරෙකු පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙතෙක් ලද පැමිණිලි අනුව සැකකරු එලෙස මගීන් දෙදෙනෙකු රවටා…

තීරණය කළ දිනට පෙර අස්වැන්න නෙළුවහොත් දඩයක්

කන්න රැස්වීමේදී තීරණය කළ දිනට පෙර අස්වැන්න නෙළුවහොත් රුපියල් දස දහසක දඩයක් අය කිරීමට ගොවි සංවිධානයක් තීරණය කිරීම නිසා අසීරුතාවට පත්ව සිටින ගොවීන් පිරිසක් පිළිබඳ තොරතුරු හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වුණා. මෙම ගැටළුවට මුහුණ දී ඇත්තේ පුත්තලම – මහ කුඹුක්කඩවල…

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කරන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි, 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ඒ අනුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියෝගය පරිදි මෙම පනත් කෙටුම්පත…

උණුසුම් කාලගුණික තත්ත්වයත් සමඟ ජලය වැඩි වශයෙන් පානය කළ යුතුයි – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

පවතින උණුසුම් කාලගුණික තත්ත්වයත් සමඟ විජලන තත්ත්වයන් වළක්වා ගැනීමට වැඩි වශයෙන් ජලය පානය කිරීමට පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. උණුසුම් කාලගුණික තත්ත්වයත් සමඟ චර්ම රෝග සහ විජලන තත්ත්වයන් ද වාර්තා වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

රෝහිතගේ දියණියට ඇප

අත්අඩංගුවට පත්ව සිටි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය ඇප මත මුදා හැරීමට අද (31) නියෝග කර තිබෙනවා. ඒ අනුව, ඇය අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ. රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර…