News Editor

News Editor

සැප්තැම්බර් මාසයේ පළමු දින 10 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් 52000 ක් වෙයි

මෙම මාසයේ පළමු දින 10 තුළ දී විදෙස් සංචාරකයන් පනස්දෙදහසකට අධික පිරිසක් මෙරටට පැමිණ තිබෙන  බව සංඛ්‍යා ලේඛණ  මඟින් පෙන්වා දෙයි. ඒ අනුව අපේක්ෂිත සංචාරක ඉලක්කය කරා ළගා විය හැකි බවට එහිදී  තහවුරු වී ඇත. මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ද…

චාලි කර්ක් ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙක් වන චාලි කර්ක් ඝාතනයේ සැකකරු ටයිලර් රොබින්සන් අත්අඩංගුවේ පසුවන බව එරට නිලධාරීන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිවේදනය කර ඇත. අමෙරිකාවේ යූටා හි විශ්වවිද්‍යාලයක දේශනයක් පවත්වමින් සිටියදි පසුගිය බදාදා වෙඩි ප්‍රහාරයකට ලක්වු තරුණ දේශපාලන ක්‍රියාකාරි චාලි කර්ගේ ඝාතනය…

එක්දින සේවාව යටතේ පැය 4න් ගමන් බලපත්‍රය ඔබේ අතට

ඊ තාක්ෂණය භාවිතයෙන් ගමන් බලපත්‍ර ඉදිරියේ දී නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. දිස්ත්‍රික්ක රැසකින් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ද නියමිතයි. එක්දින සේවාව යටතේ නිවැරදි ලෙස අයදුම්පත්‍ර භාරදීමෙන් පසු පැය හතරක් තුළ දී ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ හැකියාව…

වත්තේගම නගර සභාවේ හිටපු සභාපතිවරයා ඇතුලු දෙදෙනෙකු අත්අඩගුවට..

නීති විරෝධීව ජීප් රථ දෙකක් ආනයනය කර, ව්‍යාජව ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වත්තේගම නගර සභාවේ හිටපු සභාපතිවරයා ඇතුලු දෙදෙනෙකු අත් අඩගුවට ගෙන තිබේ. ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට ලද තොරතුරක් මත සිදුකළ  පුළුල් විමර්ශනයකින් අනතුරුවය. සැකකරුවන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත…

අද දිනයේත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු 

අද දිනයේදී උතුරු, උතුරු මැද හා නැගෙනහිර පළාත්වලත් මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වැඩි කාලයක් උණුසුමට නිරාවරණය හා ක්‍රියාකාරකම්වල නිරත වීම හේතුවෙන් තෙහෙට්ටු…

ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි වට්ස්ඇප් අංකයකයට මේ වනවිට පැමිණිලි 7000 ක්

පොලීසිය පැවසුවේ එම පැමිණිලිවලින් පොලිසියට අදාළ සියලු පැමිණිලි සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව. ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර ගෙන තිබේ. මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය…

රුසියාවේ ප්‍රදේශයකට සුනාමි අනතුරු ඇඟවීම්

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ අද (13) රික්ටර් මාපක 7.4ක භූමිකම්පාවක් ඇති වී තිබෙනවා. එම භූමිකම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. භූමිකම්පාව පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට කිලෝමීටර් 111.7ක් නැගෙනහිරින් සහ කිලෝමීටර් 39ක්…

හෙද උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය අද සහ හෙට

හෙද අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සඳහා හෙද උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය අද සහ හෙට යන දෙදින තුළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වෙනවා. මෙම සම්මුඛ පරීක්ෂණය සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සෞඛ්‍ය සේවයේ පුරප්පාඩු බඳවා ගැනීමේ ක්‍රියාමාර්ගයන්ට අනුගතවයි සංවිධාන කර ඇත්තේ.…

නේපාලයේ අන්තර්කාලීන අගමැති තනතුරට සුෂිලා කාර්කි

නේපාලයේ අන්තර්කාලීන අගමැතිවරිය ලෙස හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි පත් කර ඇත. ඇය අන්තර්කාලීය පරිපාලනයේ ප්‍රධානියා ලෙස අද රාත්‍රියේ දිවුරුම් දීමට නියමිත බවද නේපාල මාධ්‍ය වාර්තා කරයි. තරුණ විරෝධතා හමුවේ නේපාල අගමැතිවරයා ඉල්ලා අස්විමෙන් ඇතිවු පුරප්පාඩුව සදහා අන්තර්කාලින අගමැතිනිය ලෙස හිටපු…

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක ගැටලුවලට අගමැතිනියගෙන් විසඳුම්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට මතු වී ඇති ගැටලු කිහිපයක් විසඳා ගැනීම සම්බන්ධයෙන් වෘත්තීය සංගම් නියෝජිතයන් සහ අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත…