News Editor

News Editor

අද බොහෝ ප්‍රදේශවලට තද වැසි

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර බස්නාහිර, වයඹ, මධ්‍යම, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…

ජනාධිපති කුසලාන පාසල් රග්බි ශූරතාව ඉසිපතන විද්‍යාලය​ට

අන්තර් පාසල් ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත්වී තිබෙනවා. කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ අද (18) පැවති අවසන් මහා තරගයේදී කොළඹ ඉසිපතන විද්‍යාලය විසින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 12 – 9 ක් ලෙස පරාජය…

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ වෙඩි තැබීමක්

බ්ලූමැන්ඩල් හි දුම්රිය මාර්ගය ආසන්නයේ ඇති මහල් නිවාස සංකීර්ණයක් ආසන්නයේ අද (18) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙන බව වාර්තා වනවා. මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ 38 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට සහ වරකාපොල…

තද වැසි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි…

කොටහේන වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් පොලීසියට භාර‍වෙයි

කොටහේන පොලිස් වසමේ සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකුට හා කාන්තාවකට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙක් පොලීසියට භාරවී තිබෙනවා. ඒ අනුව අපරාධයෙන් පසු පලාගිය සැකකරුවෙකු හා අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු නීතිඥවරුන් මාර්ගයෙන් ඊයේ (17) කොටහේන පොලිස් ස්ථානයට…

මා ජීවත්ව නොසිටින දිනක වුවද, මාතෘ භූමිය එක සිංහ ධජයක් සෙවණේ පවතීවා – මහින්ද රාජපක්ෂ

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති LTTE ත්‍රස්තවාදය පරාජයට පත් කර වසර 16 සපිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ලොව මිලේච්ඡතම කුරිරු ත්‍රස්තවාදය සහමුලින් නැති කරමින් මේ රටේ සෑම පුරවැසියෙකුටම මාතෘ භූමියේ සෑම බිම් අඟලකම මර…

ඉන්දීය යූ ටියුබර් අත්අඩංගුවට

පාකිස්තානයට ඉන්දීය හමුදා තොරතුරු ලබාදීමේ චෝදනාවට ‘Travel With Jo’ නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගිය ජෝති මල්හෝත්‍රා ඉන්දියාවේ හර්යානා හිදී අත්අඩංගුවට ගෙන තිබේ . අනාවරණ වී ඇත්තේ, 33 හැවිරිදි ජෝති මල්හෝත්‍රා පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරී ඉෂාන් අර් රහීම් සමඟ…

ඇමති නලින්ද ස්විට්සර්ලන්තයට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබේ. මෙම සමුළුව හෙට (19) සිට 27 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වෙන අතර…

දුම්රියේ වන අලි ගැටීම වැළැක්වීම සඳහා දුම්රිය රියදුරන් දැනුවත් කිරීමක්

පරසර අමාත්‍ය දම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා දුම්රිය දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් දුම්රියට බිලිවෙන අලි ඇතුන් ආරක්ෂා කරගැනීම උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම…