News Editor

News Editor

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

ආපදාවට ලක්වී තිබුණු ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා. අදාළ ඉන්දියානු ධීවර යාත්‍රාව සන්නිවේදන සම්බන්ධතා රහිතව අතුරුදන්ව ඇති බවට ඉන්දියාවේ මුම්බායි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් කොළඹ සමුද්‍රීය සෙවීම් හා…

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

විදේශීයක සිට මෙරට සිටින තැනැත්තෙකුට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීමේදී, එම සේවා සැපයීම්වලට අදාළව එකතු කළ අගය මත (VAT) බද්ද අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක කිරීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය විසින් නිකුත් කර…

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු සැකකරුවන් තිදෙනා එළැඹෙන ජූලි 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ඒ අනුව, ඔහු අද (07) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ. හැව්ලොක් සිටි…

BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන ඕනෑම රටකට,10%ක අමතර බද්දක් – ට්‍රම්ප්

BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන ඕනෑම රටකට අමතර 10% ක තීරුබදු අය කෙරෙන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. BRICS යනු, ලොව…

දියවැලකට හසුවූ පුද්ගලයින් සිව්දෙනෙක් පොලිසිය විසින් බේරාගැනේ

ඒත්තුකාල වෙරළ තීරයේ දිය නෑමට ගිය පුද්ගලයන් සිව්දෙනෙකු දියවැල්වලට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටියදී, පොලීසිය විසින් බේරාගෙන තිබෙනවා. ඊයේ (06) සවස මෙම අනතුර සිදුව ඇති අතර, මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 20, 21, 22 සහ 34 වයස්වල පසුවන, වේයන්ගොඩ,…

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට

ජයවර්ධනපුර රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින, වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. පසුගියදා අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

හලාවත දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට නියාමකවරුන් සූදානම් වෙයි

දුම්රිය සංඥා දෝෂ පිළිබඳ තම ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාර නොලැබුණහොත් අද (07) මධ්‍යම රාත්‍රියේ සිට හලාවත දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලින් ඉවත්වන බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසනවා. රාගම ප්‍රදේශයේ දුම්රිය සංඥාවල පසුගිය දිනක පැවති දෝෂය පිළිබඳ ලබාදී තිබුණු නිර්දේශවලට තමන්…

ගල්කිස්ස – කන්කසන්තුරේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද සිට දිනපතා ධාවනය කෙරේ

ගල්කිස්ස – කන්කසන්තුරේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද (07) සිට දෛනිකව ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. මෙතෙක් මෙම දුම්රිය සති අන්තයේ පමණක් ධාවනය වූ බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ සඳහන් කළේ. ඒ අනුව, සෑම දිනකම පෙරවරු 05.15ට ගල්කිස්සෙන්…

යුරෝෆෝමියුලා ඕපන් 2025: යෙවාන් ඩේවිඩ් දෙවන ස්ථානයේ

ශ්‍රී ලංකාවේ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් යුරෝෆෝමියුලා ඕපන් 2025 රියදුරන්ගේ ශූරතාවලියේ (Drivers’ Championship of the Euroformula Open 2025) දෙවන ස්ථානයට පත්ව සිටින බව වාර්තා වෙනවා. ඔහු තම මොටෝපාර්ක් (Motopark) කණ්ඩායමේ සගයා වන දකුණු කොරියාවේ මයිකල් ෂින්ට වඩා ලකුණු හතරකින් පමණක්…

ගාල්ල බන්ධනාගාරයට උඩින් විසි කළ තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට

ගාල්ල බන්ධනාගාරය තුළට ඊයේ (05) පෙරවරුවේ විසිකරන ලද තහනම් ද්‍රව්‍ය පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බන්ධනාගාර ආරක්ෂිත තාප්පයට ආසන්නයේ පිහිටි මුර අට්ටාල දෙක අසලින්, බන්ධනාගාරය තුළ පිහිටි මුළුතැන්ගෙය පිටුපස සිරකරුවන් ස්නානය කරන ජල ටැංකි පිහිටි ස්ථානයට, පිටතින් පැමිණි…