News Editor

News Editor

පිලිපීන භූ කම්පනයෙන් මිය ගිය ගණන 69 දක්වා ඉහළට

පිලිපීනයට බලපෑ භූ කම්පනයෙන් මියගිය ගණන 69ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මධ්‍යම පිලිපීනයේ සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් එරට වේලාවෙන් ඊයේ (30) රාත්‍රී 10ට පමණ මෙම භූමිකම්පාව ඇති වූ අතර එය රික්ටර් මාපකයේ 6.9ක් ලෙස…

ඇප ඉල්ලූ පෙත්සම ශෂීන්ද්‍ර රාජපක්ෂ ඉල්ලා අස්කරගනී

අල්ලස් කොමිසම විසින් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කරන ලෙස කොළඹ මහාධිකරණය නියම…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව බඳවාගැනීම් පිළිබඳව දැනුම්දීමක්

ආධුනික ගුවන් භට හා ගුවන් කාන්තා නව බඳවාගැනීම් පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිත්‍ය / ස්වේච්ඡා ගුවන් භට ගුවන් කාන්තාවන් බඳවා ගැනීම් සිදු කරන බවයි සඳහන් වෙන්නේ. අයදුම්පත් බාර ගැනීමේ…

අධිවේගී මාර්ගයේ වාහන සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන් සහ සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය පහතින්.…

අද කාලගුණ නිවේදනය

ඔක්තෝබර් 03 වැනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.…

කලිසම් වාටියේ සඟවා මොණරාගලට හෙරොයින් බෙදූ කිරි බබා අල්ලයි

මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ගෝනගංආර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මොණරාගල සහ බුත්තල ප්‍රදේශවලට හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදූ මහා පරිමාණයේ ජාවාරමක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. කිරි බබා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු ඉතාමත්ම සුක්ෂම ලෙස කලිසම් වාටිය තුළ…

හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුවකට චෝදනා භාරදෙයි

2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඛනිජතල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශනය යාපා…

පුටින් දෙසැම්බර් මස ඉන්දියාවට

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එළැඹෙන දෙසැම්බර් මස ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ පැවැත්වෙන සමුළුක් සඳහා පුටින් මෙලෙස පැමිණෙන අතර, බොහෝ දුරට එම සංචාරය දෙසැම්බර් 5-6 දිනවල සිදුකරනු ඇති බව සඳහන්. පසුගිය අගෝස්තු මාසයේ දී ඉන්දීය…

නොවැම්බර් 01දා සිට ෂොපිං බෑග් නොමිලේ නැහැ

ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු නොමිලේ ලබාදීමට නොහැකි වන පරිදි ලබන නොවැම්බර් 01 වනදා සිට කිසියම් මුදලක් අයකර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. පොලිතින් භාවිතය තුළින් පාරිසරික…

ළමයින්ට ශාරීරික දඬුවම් දීම ගැන නීති සංශෝධනයෙන් පසු පාසල්වලට නව උපදෙස්

ළමයින්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධයෙන් වූ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධනය සඳහා වන නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. මෙම පනත් කෙටුම්පත කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින්…