News Editor

News Editor

බණ්ඩිරිප්පුවේ දුම්රිය නැවතුමක්

ලුණුවිල, බණ්ඩිරිප්පුව ශුද්ධ වූ ජපමාල දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා සහභාගි වන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් එම දේවස්ථානය ඉදිරිපිට දුම්රිය වේදිකාවේ දුම්රිය නැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. හෙට සහ අනිද්දා දිනයන්හිදී මෙලෙස දුම්රිය නවත්වන බවයි නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ. ඒ…

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොටස් වෙළෙඳපොළ 22,000 සීමාව පසුකරයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) 22,000 සීමාව පසු කර තිබෙනවා. එහි සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (02) දිනයේ ඒකක 100.49 කින් ඉහළ ගොස් ඒකක 21,951.79 කින් අවසන් වුණා. එය ප්‍රතිශතයක්…

මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් 68කගේ වැඩ තහනම්

ජනවාරි සිට මේ දක්වා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් 68 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරනවා. මෙම නිලධාරීන්ට චෝදනා එල්ල වී ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හා මත්ද්‍රව්‍ය ළඟ…

මහීපාල, බිරිඳගේ හෝටලය කඩා ඉවත් කරයි

උතුරු මැද පළාත් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් විසින් අනුරාධපුර – පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ අනවසරෙන් ඉදි කළ බව කියන හෝටලය කඩා ඉවත් කර ගෙන තිබෙනවා. මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක සඳහන් කළේ මසක් ඇතුළත අදාළ ගොඩනැගිල්ල කඩා ඉවත් කරගන්නා…

තණමල්විල – වැල්ලවාය මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙක් මියගොස්, තවත් 05 කට තුවාල

තණමල්විල – වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේදී අද (03) අලුයම සිදුවූ අනතුරකින්, එක් පුද්ගලයෙක් මියගොස් තවත් 05 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා. තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ වෑන් රථයක රියදුරුට නින්ද යෑම හේතුවෙන්, එය මාර්ගයෙන් ඉවතට පැන,…

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසකට එරෙහිව විමර්ශනයක්

ව්‍යාජ තොරතුරු මත පදනම්ව වාහන ලියාපදිංචි කිරීමේ සිද්ධි සම්බන්ධයෙන්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ව්‍යාජ තොරතුරු යොදාගෙන ලියාපදිංචි කළ වාහන 08 ක් පසුගිය සති කිහිපයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල තිබී පොලිස් භාරයට ගෙන තිබුණු අතර,…

නීතිවිරෝධීව රැගෙන ආ ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ තොගයක් මාලිගාවත්තේදී අත්අඩංගුවට

රේගු බදු නොගෙවා, කටුනායක ගුවන්තොටුපොළ හරහා හොර රහසේ රැගෙන ආ බව කියන රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකථන, සුවඳ විලවුන් ඇතුළු උපාංග තොගයක් සමග පුද්ගලයන් සිව් දෙනෙකු මාලිගාවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබුණු ස්මාට් වර්ගයේ ජංගම…

2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා පැවැත්වෙයි

2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථාන සහ දිනයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව, දකුණු පළාතේ දිස්ත්‍රික්කවලට අදාළ සම්මුඛ පරීක්ෂණ ඔක්තෝම්බර් 04, 05 යන දිනවල ගාල්ල, මාතර හා හම්බන්තොට හෙද විදුහල්වල දී පැවැත්වීමට…

ලෝක අමද්‍යප දිනය අද

ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබෙනවා. මධ්‍යසාර හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යයට හා සාමාජීය වශයෙන් සිදුවන බලපෑම පිළිබඳ අවධානය යොමු කිරීම සඳහා එම දිනය සැමරෙන බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව, මෙම දිනය පාදක කර ගනිමින් මධ්‍යසාර භාවිතයේ ආදීනව පිළිබඳ ජනතාව දැනුවත්…

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීම ඔක්තෝබර් 09 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත්,…