News Editor

News Editor

සබරගමුවේ නවකවද සිදුවීම සම්බන්ධයෙන් නීතීඥ සංගමයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද බරපතළ නවකවද සිද්ධියකට මුහුණ පා, සිය දිවි නසාගැනීමේ සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වා වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත්…

අද කාලගුණ නිවේදනය

අද දින (29) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව ක‍ාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…

වසා දැමුණු NEXT ඇඟලුම්හල සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වේ

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි ‘NEXT’ ඇඟලුම් කම්හල හදිසියේ වසා දැමීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහගේ මැදිහත්වීමෙන් පවත්වා තිබෙනවා. කම්කරු අමාත්‍යාංශයේ දී පැවති මෙම සාකච්ඡාව සඳහා අදාළ ඇඟලුම් කම්හලේ පාලනාධිකාරය, වෘත්තීය සමිති නියෝජිතයන් සහ ශ්‍රී ලංකා…

අනුදිගෙන් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක්

ඉන්දියාවේ තෙලන්ගානා හි පැවති 72 වන ලෝක රූ රැජින උළෙලේදී “Multimedia Challenge” අංශයේ අවසන් තරගකරුවන් 20 දෙනා අතරට ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර පැමිණ තිබේ. මෙය ශ්‍රී ලංකාවට හිමි වූ ඓතිහාසික ජයග්‍රහණයක් බව සඳහන් වේ. මෙය Miss World තරගයේ fast-track events…

අපනයන කර්මාන්ත ක්ෂේත්‍රයේ අභියෝග පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන කර්මාන්ත ක්ෂේත්‍රයේ අභියෝග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් සහ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නිලධාරීන් එක් ව සිටී මෙම සාකච්ඡාවේදී දේශීය නිෂ්පාදනය…

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීමට එරෙහි නඩුව සැප්තැම්බර් 08 දක්වා කල් තබයි

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ විධිමත් අනුමැතියකින් තොරව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් සැප්තැම්බර් මස 08 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.…

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. සක්‍රීය වී ඇති නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් හලාවත සිට පුත්තලම මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ ගාල්ල…

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කෙරේ

පවතින අයහපත් කාලගුණයත් සමඟ පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 03ක් අඟල් 18 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ හේතුවෙන් තත්පරයට ඝණ අඩි 4500ක ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශයට මුදා හැරෙන බවයි පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ…

SpaceX සමාගමේ Starship යානය පුපුරා යයි

ඉලෝන් මස්ක්ගේ SpaceX සමාගම විසින් දියත් කරන ලද Starship රොකට්ටුවේ 09 වැනි පරීක්ෂන පියාසැරියේදී ‍එම රොකට්ටුව පුපුරාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව එක්සත් ජනපදයේ ටෙක්සාස් සිට අද උදෑසන මෙම රොකට්ටුව ගුවන්ගත කළ අතර, එය ගුවන්ගත කර මිනිත්තු…

හරක් කටාට එරෙහි නඩුවක් ජුනි 09 වැනිදා කැඳවීමට නියෝග

නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අදාළ නඩුවක් විභාගය සඳහා ජුනි මස 09 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියෝග කර තිබෙනවා. ඒ අනුව, නඩුව අද කැඳවූ අවස්ථාවේදී දැඩි ආරක්ෂක විධිවිධාන මැද විත්තිකාර ‘හරක් කටා’ නැමැත්තා අධිකරණයට…