News Editor

News Editor

සූදු නියාමන අධිකාරි පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

සූදු නියාමන අධිකාරී පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය හිමිව තිබෙනවා. ඊට අදාළ අනුමැතිය ලබාදෙමින් කථානායකවරයා සිය සහතිකය ලබාදුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ.

රාජිත යළි බන්ධනාගාරයට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත රැගෙන ආ, රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දී යළි බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා. පසුගියදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයට අනුවයි ඔහු…

රත්නපුර රෝහල් වර්ජනය අඛණ්ඩව

රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය අද ( 03) දෙවන දිනටත් ක්‍රියාත්මකවනවා. රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළා. මෙම වැඩ වර්ජනය නිසා හදිසි හා ජීවිතාරක්ෂක ප්‍රතිකාර සේවා හැර අනෙකුත් සියලුම දෛනික ප්‍රතිකාර සේවා අඩාල වී…

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද රාත්‍රියේදී

2025 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ නිකුත් කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එම විභාගයේ උත්තර පත්‍ර පරික්‍ෂා කිරීම පසුගිය 22වැනිදා සිට 27 වැනිදා දක්වා සිදු කෙරුණු බවයි එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ. මෙම වසරට අදාළ…

නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කෙරේ

නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල අද (03) පෙරවරුවේ විවෘත කර තිබෙනවා. ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ ප්‍රධානත්වයෙන් ද, පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ සහභාගීත්වයෙන් ද එය විවෘත කර ඇති බවයි සඳහන් වන්නේ. හමුදා උත්තමාචාර පැවැත්වීමෙන් පසු,…

පුහුල්ගල කඳු රක්ෂිතයේ ඇති වූ ගින්නකින් අක්කර 10කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි

බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යුදගනාව, පුහුල්ගල කඳු රක්ෂිතයේ ඊයේ හටගත් ගින්නකින් අක්කර දහයකට වඩා විනාශ වී ඇති බව සඳහන් වෙනවා. ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් රක්ෂිතය පුරා පැතිරී ගොස් ඇති බවයි වාර්තා…

මාළිගාවත්තේ වෙඩි තැබීමක්

මාළිගාවත්තේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේ දී වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. ව්‍යාපාරික ස්ථානයක සිටි තරුණයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු…

තවත් වැව් 15 ක රක්ෂිත මායිම් සලකුණු කිරීම මේ මාසයේ සිට

තවත් වැව් 15ක රක්ෂිත මායිම් සලකුණු කිරීම මේ මාසයේ ආරම්භ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, Clean Sri Lanka ලේකම් කාර්යාලය හා මිනුම්දෝරු දෙපාර්තමේන්තුව සමඟ එක්ව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ වන විට නුවර…

ෂී ජිංපින් එක්සත් ජනපදයට එරෙහි කුමන්ත්‍රණයක බව ට්‍රම්ප් කියයි

චීනයේ 80 වන විජයග්‍රාහී සැමරුමට සහභාගී වූ චීන ජනපති, ෂී ජිංපින් එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්‍රණයක් සිදුකරන බවට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර තිබේ. එම විජයග්‍රාහී සැමරුම පැවැත්වෙන අතරතුර ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර…

මාරක අනතුරු වැලක් – ජීවිත 06ක් අහිමිවෙයි

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 06කින් අවුරුදු 08 කුඩා දැරියක් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (02) එම අනතුරු සිදුව තිබුණේ පොල්ගහවෙල, රත්නපුර, කටුනායක, එරාවුර්, කුලියාපිටිය සහ හලාවත පොලිස් වසම්වලින්ය. කුලියාපිටිය – හෙටිටිපොළ මාර්ගයේ, ගොමුගමුව මංසන්දිය ආසන්නයේදී හෙට්ටිපොළ දෙස…