News Editor

News Editor

රන් මිල රු 20,000කින් පහළට

මෙරට රන් මිල පසුගිය සිකුරාදා දිනට සාපේක්ෂව රු 60,000කින් පහළ ගොස් ඇති අතර, අද (22) දී පමණක් රන් මිල රු 20,000කින් පහළ ගොස් ඇත. ඒ අනුව අද (22) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 322,000ක්…

රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයක් අඳුරේ

රුසියාව, යුක්‍රේන බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම සම්පූර්ණයෙන් විදුලිය ඇණහිට තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, රුසියානු මිසයිල සහ ඩ්‍රෝන යානා මඟින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවය. යුක්‍රේනයේ චර්නිහිව් නගරය සම්පූර්ණයෙන්ම විදුලි බලය නොමැති වීම හේතුවෙන්…

ට්‍රම්ප්-පුටින් හමුව කල්යයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, එම හමුව “කාලය නාස්ති කිරීමක්” නොවන බව තහවුරු කර ගැනීමට අවශ්‍ය බව පවසමින්. ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ,…

පාර්ලිමේන්තුව අද රෝස පැහැගනී

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග මෙන්ම පෞද්ගලික දත්ත ආරක්ෂණ, සංශෝධන පනත් කෙටුම්පත ද සංශෝධන සහිතව ඊයේ (21) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එමෙන්ම මේ මාසයට යෙදෙන ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට සියලු‍ම මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් රෝස පැහැති හෝ රෝස…

අග්නිදිග විශ්වවිද්‍යාල සිසුන්ට අද සිට ‘ඔන්ලයින්’ පන්ති

නේවාසික පහසුකම් නොමැති අග්නිදිග විශ්වවිද්‍යාලයේ, ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිසුන්ට මාර්ගගතව අද සිට අධ්‍යයන කටයුතු සිදු කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය ප්‍රකාශ කළා. ව්‍යවහාරික විද්‍යා පීඨයේ, 2022 සහ 2023 අධ්‍යයනය වසරවල සිසුන් 125 දෙනෙකු පමණ නේවාසිකාගාර පහසුකම් නොමැති වීම හේතුවෙන්…

පාතාලයන් ඉන්දියාවට පන්නන මහමොළකරු කිලිනොච්චියේදී කොටු

මෙරට අපරාධකරුවන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යන මහමොළකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කිලිනොච්චිය ප්‍රදේශයේදීයි. ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි පසුගිය සෙනසුරාදා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කිලිනොච්චිය ප්‍රදේශයට සහ යාපනයට…

ඖෂධ මිල සුත්‍රය සම්මතයි

ඖෂධ සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රය අද (21) පාර්ලිමේන්තුවේදි සම්මත වුණි.  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ ඒ අනුව සෑම ඖෂධ කාණ්ඩයක් සඳහා ම උපරිම මිල සීමාවක්ද නියම කෙරෙන බවය.  මේ අතර සුවසැරිය ගිලන් රථ සේවයේ නම…

ශ්‍රී ලංකාව සහ බෙලීස් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹෙයි

ශ්‍රී ලංකා රජය සහ බෙලීස් රජය අද (21) සිට ක්‍රියාත්මක වනපරිදි රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර තිබේ. ඊට අදාළ ගිවිසුමට නිව්යෝර්ක් නුවරදී අත්සන් තැබුණි. ඒ, තානාපති සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත  ජයන්ත ජයසූරිය මහතා සහ තානාපති සහ එක්සත් ජාතීන්ගේ…

ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ

ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය පියවර ගෙන තිබේ. එහි සභාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් මෙම මිල ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් ය. ඒ අනුව ආනයනික කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක උපරිම…

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන නීතිගත කරන්නැයි ඉල්ලා පෙත්සමක්

ආයුර්වේද සම්බාහන ප්‍රතිකර්ම මධ්‍යස්ථාන නීතිගත කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා සම්බාහන අයිතිකරුවන්ගේ සංගමය විසින් අභියාචනාධිකරණය රිට් පෙත්සමක් ගොනුකර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය…