News Editor

News Editor

අස්වැසුම වැඩසටහනට තෝරා ගැනීමේදී යාවත්කාලීන වූ නිවැරදි දත්ත පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාව ලෝක බැංකුව අවධාරණය කරයි

‘අස්වැසුම’ සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරා ගැනීමේදී යාවත්කාලීන වූ නිවැරදි දත්ත පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාව ලෝක බැංකු නියෝජිතයන් අවධාරණය කර තිබෙනවා. ඒ සඳහා වූ තාක්ෂණික සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට තමන් සූදානම් බව ද ඔවුන් පවසා තිබෙනවා. ලෝක බැංකු නියෝජිතයන්…

ජගත් විතාන සම්බන්ධව පොලිස්පතිවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයෙන් නිවේදනයක්

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට එල්ල වී ඇති මරණීය තර්ජනය හමුවේ පොලිසිය ලබා දුන් ආරක්ෂාව ගැන පොලිස්පතිවරයා විසින් මාධ්‍යයට සිදුකළ ප්‍රකාශය පිළිබඳව සමගි ජන බලවේගයේ අවධානය යොමුවී ඇති බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. දේශපාලනික නොවන…

2025 සංචාරක පැමිණීම් ලක්ෂ 18.5 කට ආසන්න වෙයි

2025 ඔක්තෝබර් මාසයේ පළමු දින 23 තුළ 119,670 ක සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව, මේ වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,845,164 ක් ලෙස වාර්තා වන බවයි එම…

හෙද නිල ඇඳුම වෙනස් කරන්න එපා – රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය

රජයේ රෝහල්වල හෙද නිලධාරින්ගේ හෙද නිල ඇඳුම කිසියම් ආගම් හා සංස්කෘතීන් අනුගමනය කරන පුද්ගලයින් ගැන සිතා වෙනස් කරන්නේ නම් එයට එකඟ නොවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය ඇමතිවරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා. නිසි ප්‍රමිතියකින් යුතුව ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව…

ප්‍රකට ඉන්දීය නළු සතීෂ් සමුගනී

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ නළුවකු වන සතීෂ් ෂා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස 74 ක්. චිත්‍රපට නිෂ්පාදක අශෝක් පණ්ඩිට් විසින් වෙත මෙම පුවත තහවුරු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඔහු නිවසේ සිටියදී සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරීම නිසා වහාම…

ඉතිහාසයේ පළමු වතාවට මූල්‍ය ඉලක්ක ඉක්මවනු ඇතැයි මහ බැංකුවේ විශ්වාසය පලවේ

මේ වසර සඳහා නියමිත සියලුම මූල්‍ය ඉලක්ක ඉක්මවීමට හැකි බවට දැඩි විශ්වාසයක් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එවැන්නක් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ. ඒ අනූව ආදායම, වියදම, ප්‍රාථමික අතිරික්තය සහ සමස්ත මූල්‍ය…

මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයා දියේ ගිලී මරුට

රස්නායකපුර පොලිස් වසමේ මුඩත්තව වැවෙහි ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 68ක් වූ මොන්නෑකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා ටියුබයක් ආධාරයෙන් මාළු ඇල්ලීම සිදු කරන අයෙකු වන අතර ඔහු නිවසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් නිවැසියන් විසින් සොයා…

පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක් දිවයිනට

දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස මේ වන විට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. ඒ අනුව පසුගිය 23 වනදා එහි පළමු තොගය දිවයිනට පැමිණ ඇති…

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ පිරිසක් අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයින් දියබෙදුම සහ කපුගොල්ලෑව ප්‍රදේශයන් හිදී අත්අඩංගුවට ගත් බවය. ඒ අනුව ඊයේ (26) අලුයම් කාලයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දියබෙදුම පොලිස් වසමේ නුවරගේයාය ප්‍රදේශයේදී…

දෙයියන්දර ආයුර්වේද රෝහලේ නව තෙමහල් වාට්ටු සංකීරණය විවෘත කෙරේ

දෙයියන්දර, බෙල්පාමුල්ල පිහිටි එච්. පි. පියසිරී රජයේ ආයුර්වේද රෝහල වෙනුවෙන් ඉදිකෙරුණු නව තෙමහල් වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ(25) සහභාගි විය. මෙම නව තෙමහල් වාට්ටු සංකීර්ණය ෆිනෝමිනල් ට්‍රේඩිං ආයතනයේ අධිපති දේශමාන්‍ය එච්. පී. පියසිරී මහතා සහ…