News Editor

News Editor

GovPay ඇප් එකෙන් රු. බිලි­ය­න­යක ගනුදෙනු කරලා

මෙරට රාජ්‍ය සේවා­වන් සඳහා හඳු­න්වාදී ඇති ඩිජි­ටල් ගෙවීම් පද්ධ­තිය වන GovPay ඔස්සේ මේ වන­විට රුපි­යල් බිලි­ය­න­ය­කට අධික ගෙවීම් ප්‍රමා­ණ­යක් සිදු­කර තිබෙන බව ඩිජි­ටල් ආර්ථික අමා­ත්‍යාං­ශය සඳ­හන් කරයි. මේ වන විට රාජ්‍ය ආය­තන 200ක් මෙම ඩිජි­ටල් ගෙවීම් පද්ධ­තිය හා එක්ව ඇත.…

අමෙරිකාවේ භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් කඩා වැටෙයි – 04ක් මරුට

අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටී ගිනිගෙන ඇත. ලුයීවෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කල අදළ යානය විනාඩි කිහිපයක් තුල එම ගුවන් තොටුපළ ආසන්නයේදීම කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුවන් යානය…

කටුකුරුන්ද වෙරළේ සැකසහිත පාර්සලයක්

කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයට අයත් කටුකුරුන්ද වෙරළ තීරයට අද (05) උදෑසන මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන පාර්සලයක් ගොඩගසා තිබේ. කිලෝ 10ක පමණ බරැති පාර්සලයක් මෙලෙස වෙරළට ගොඩගසා තිබියදී ඒ අසල සංචාරක හෝටලයක සේවකයින් දැක ඒ පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කර ඇත.…

පිලිපීනයේ සුළි කුණාටුවෙන් පුද්ලගයින් 58ක් ජීවිතක්ෂයට

මධ්‍යම පිලිපීනයට බලපෑ ‘කල්මේගි’ සුළි කුණාටුව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 58 දෙනෙකු මියගොස් තිබේ. මියගිය පිරිස අතර මානුෂීය මෙහෙයුම් සඳහා එක්ව සිටි හමුදා සෙබළන් 06 දෙනෙකුද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සුළි කුණාටුව දකුණු චීන මුහුද දෙසට ගමන් කරමින්…

ආදායම් බදු ගෙවන්නන්ට නිවේදනයක්

2024 – 2025 තක්සේරු වර්ෂ සඳහා ආදායම් බදු වාර්තා ලබාදීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත. 2024 – 2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් ආදායම් බදු වාර්තා මාර්ගගතව නොවැම්බර් 30)වන දින හෝ…

සුනාමි පෙරහුරු අභ්‍යාසය අද, අනියත බියක් ඇති කරගන්න එපා – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දීය සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය අද (05) දින සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, ඉන්දීය සාගර සුනාමි අභ්‍යාසයට අනුගතව, පුරෝකථනය කරන ලද භූමිකම්පාවක් මඟින් ජනිත වන සුනාමි තත්ත්වයකදී, එක් එක් ආයතන…

ඉල් පුර පසළොස්වක පොහොය අද

ඉල් පුර පසළොස්වක පොහොය අද (05) ට යෙදී තිබෙනවා. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොය දිනක සිදු වී තිබෙන බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ. ප්‍රථම ධර්ම දූත හැටනම ධර්ම ප්‍රචාරණයේ යෙදවීම, තුන් බෑ…

අද කාලගුණ නිවේදනය

ඌව සහ උතුරු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.…

චරිත රත්වත්තේ ඇප මත මුදා හරියි

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන චරිත රත්වත්තේ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියම කරනු ලැබුවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින්…

රත්රන් මිල නැවතත් සුළු වශයෙන් පහතට

මෙරට රත්රන් මිල ඊයේ (03) දිනයට සාපේක්ෂව රුපියල් 1,000 කින් පමණ පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළ පවසනවා. ඒ අනුව, අද (04) පෙරවරුවේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 293,200 ක් දක්වා පහළ ගොස් ඇති අතර, ඊයේ…