News Editor

News Editor

මහනුවර ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයෑම් රතු නිවේදන

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත්කළ එම නිවේදනය අද (15) ප.ව. 4.00 සිට හෙට (16) ප.ව. 4:00 දක්වා වලංගු වේ.…

ජපන් හදිසි ආපදා සහන සේවා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

ආපදාවන්ට ලක්වූ ජනතාවට කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීම සඳහා මෙරටට පැමිණි ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායම අද (15) රාත්‍රියේ දී මෙරටින් නියමිත බව වාර්තා වෙයි. ඔවුන් පසුගිය 03වන දා මෙරටට පැමිණි තිබුණි. සති දෙකකට ආසන්න කාලයක් මෙරට රැඳී සිටිමින්…

ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු

ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ. ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාන, පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ  දෙපාර්තමේන්තු…

ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සුදානම් – විමසිලිමත් වෙන්න

අද (16) උදෑසන 7.30ට පමණ ඉඟිනිමිටිය ජලාශයෙන් තත්ත්පරයට ඝණ අඩි 1,000ක් මුදාහැරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. මේ හේතුවෙන් ජලාශය පහළ ජීවත් වන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙසට වාරිමාර්ග අධ්‍යක්ෂවරයා දැනුම් දී ඇත.

ප්‍රදේශ කිහිපයකට සවස 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට බලපෑම් කරන බැවින් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.…

මාස 11ට විදේශ ප්‍රේෂ­ණ­ රුපියල් කෝටි 215,910 පනී

විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව විසින් මෙර­ටට සිදු­ක­රන ප්‍රේෂ­ණ­වල කැපීපෙනෙන වර්ධ­න­යක් පෙන්නුම් කර­මින් මේ වසරේ නොවැ­ම්බර් මාසයේ අව­සා­නය වන විට රුපි­යල් කෝටි 215,910 (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 7, 197.1) ක විදෙස් ප්‍රේෂණ මෙර­ටට ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ…

ආප­දා­වෙන් වැන­සුණු උප්පැන්න විවාහ සහ­තික යළි දීම අර­ඹයි

පසු­ගිය දින­වල ඇති වූ නාය­යෑම් සහ ගංව­තුර තත්ත්වය නිසා ආප­දා­වට ලක් වූ පුද්ග­ල­යන් ලක්ෂ 10කට වැඩි පිරි­ස­කගේ උප්පැන්න සහ විවාහ ලියා­ප­දිංචි සහ­තික විනා­ශ­යට ලක්ව ඇතැයි රෙජි­ස්ට්‍රාර් ජන­රාල් ශෂී දේවී ජල­දී­පන් මහ­ත්මිය පැව­සු­වාය. මෙම පිරි­සට ලබන ජන­වාරි මාස­යට පෙර උප්පැන්න හා…

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට බලපෑම් කරන බැවින් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දීත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය…

හදිසි ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 120 ක් ලබා දීමට ලෝක බැංකුව තීරණය කරයි

ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, මේ වන විට ක්‍රියාත්මක ලෝක බැංකු ව්‍යාපෘතිවලින් අරමුදල් නැවත භාවිතා කිරීමෙන් ලබාගත හැකි හදිසි ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 120 ක් ලබා දීමට කටයුතු කරන බව ලෝක බැංකුව පවසනවා. ඒ අනුව,…

උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුම් දීමක්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පවසනවා. ඒ අනුව, බස්නාහිර පළාත තුළ 2,500 කට අධික අතිරේක පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි මාධ්‍ය වෙත ප්‍රකාශයක්…