News Editor

News Editor

පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ අවන්හල් 12 කට එරෙහිව නඩු පැවරීමට පියවර

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන ස්ථාන වැටලීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්. නුරලිස්වරන්ගේ මෙහෙයවීම යටතේ මඩකලපුව ප්‍රදේශයේ අවන්හල් 20 ක් වැටලීමට කටයුතු කර ඇති බවයි සඳහන් වෙන්නේ. එහිදී, මිනිස්…

වී අලෙවි මණ්ඩලය මිලදී ගත් වී තොග සහල් කර වෙළෙඳපොළට මුදා හැරීමට අනුමැතිය

වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති වී තොග සහල් කර වෙළෙඳපොළට මුදා හැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. 2025 අයවැය මඟින් වෙන් කළ රුපියල් මිලියන 6,000 ක අරමුදල් භාවිත කරමින්, වී අලෙවි මණ්ඩලය විසින් පසුගිය යල කන්නයේදී වී…

නවතා තිබුණු පහළ මල්වතුඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය නැවත ආරම්භ කෙරේ

පහළ මල්වතුඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 වසරේදී තාවකාලිකව නවතා දැමුණු මෙම ව්‍යාපෘතිය මේ වන විට නැවත ආරම්භ කර ඇති බවයි කැබිනට් තීරණයේ සඳහන් වන්නේ. මෙම පහළ…

අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීමේ e-Court ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

දීර්ඝකාලීනව මෙරට අධිකරණ පද්ධතිය මුහුණ දෙනු ලබන නඩු ප්‍රමාදයන්, දත්ත විනිවිදභාවය නොමැතිකම සහ යුක්තිය සඳහා කාලෝචිත ප්‍රවේශයට බාධා කිරීමේ හා ක්‍රියාපටිපාටිමය අකාර්යක්ෂමතා මගහැරවීමට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා වූ e-Court ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. මෙරට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය…

අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ

ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම සඳහා වූ අනුමැතිය අවලංගු කිරීම පිළිබඳව උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු වගඋත්තරකරුවන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය දීර්ඝ කර තිබේ. අභියාචනාධිකරණය නියම කළේ…

ලංකාවේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඩී.එස් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

1982 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ පාදඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වූ ඩී.එස් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ලන්ඩනයේ දී ඒ මහතා ආභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය. අභාවප්‍රාප්ත වන විට 83 වන…

නාය අවදානමක් හේතුවෙන් බදුල්ලේ රෝහලක් වසා දමයි

බදුල්ල ස්ප්‍රිංවැලි ප්‍රාදේශීය රෝහල පවතින නාය අවදානමක් හේතුවෙන් තාවකාලිව වසා දැමූ බව ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම රෝහල වසා දැමීම හේතුවෙන් ස්ප්‍රිංවැලි වත්තේ කම්කරු ජනතාව සහ ස්ප්‍රිංවැලි ඇතුළු ගම්මාන 5ක රෝගීහු බලවත් දුෂ්කර තාවයකට පත්ව සිටිති. මේ පිළිබඳව බදුල්ල…

ගැබිනි කතුන්ට පෝෂණ දීමනාවක්

ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදෙන රු 5,000ක පෝෂණ දීමනාව හෙට (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. ඒ බව සංකේතවත් කරමින් එම දීමනාව ලබාදීම හෙට උදෑසන 9.30ට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන්…

මහනුවර ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයෑම් රතු නිවේදන

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත්කළ එම නිවේදනය අද (15) ප.ව. 4.00 සිට හෙට (16) ප.ව. 4:00 දක්වා වලංගු වේ.…

ජපන් හදිසි ආපදා සහන සේවා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

ආපදාවන්ට ලක්වූ ජනතාවට කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීම සඳහා මෙරටට පැමිණි ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායම අද (15) රාත්‍රියේ දී මෙරටින් නියමිත බව වාර්තා වෙයි. ඔවුන් පසුගිය 03වන දා මෙරටට පැමිණි තිබුණි. සති දෙකකට ආසන්න කාලයක් මෙරට රැඳී සිටිමින්…