News Editor

News Editor

මැදපෙරදිග රටවල් 14 ක සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත් වන ලෙස දැනුම් දීමක්

මැදපෙරදිග රටවල් 14 ක සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත් වන ලෙසට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. ඒ අනුව, බහරේනය, ඊජිප්තුව, ඉරානය, ඉරාකය, ඊශ්‍රායලය, ජෝර්දානය, කුවේටය, ලෙබනනය, ඕමානය, කටාර් රාජ්‍යය, සෞදි අරාබියාව, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය…

පාකිස්ථාන T-20 කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් සෑම ක්‍රීඩකයකුටම දඩයක් පනවයි

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දුර්වල දක්ෂතා හේතුවෙන් පාකිස්ථාන සංචිතයේ සෑම ක්‍රීඩකයකුටම පාකිස්ථාන රුපියල් මිලියන 5 බැගින් (අමෙරිකානු ඩොලර් 18,000ක් පමණ) දඩයක් නියම කිරීමට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) පියවර ගෙන තිබෙනවා. මෙම තරගාවලියේ “සුපිරි අට” වටයෙන් ඉවතට…

ඊශ්‍රායලයේ සේවය කළ ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් සුළු තුවාල ලබයි

උතුරු ඊශ්‍රායලයට ඊයේ (02) එල්ල වූ ප්‍රහාරයක් අතරතුර ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් සුළු තුවාල ලබා ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා. කඩවත ප්‍රදේශයේ සිට පැමිණි 43 හැවිරිදි කාන්තාවක් මෙලෙස තුවාල ලබා ඇති අතර, අදාළ කාන්තාව රෝහල්ගත කළ…

ඩීසල් ලීටර් 400 ක් සඟවාගෙන සිටි ව්‍යාපාරිකයකු බුත්පිටියේදී අත්අඩංගුවට

ඩීසල් ලීටර් 400 ක් සඟවාගෙන සිටි ව්‍යාපාරිකයෙකු ගම්පහ බුත්පිටිය ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, විශේෂ කාර්ය බලකායට ලැබුණු රහසිගත බුද්ධි තොරතුරකට අනුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. මේ අතර, බලපත්‍රයක් නොමැතිව…

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දමා ඇති බවත්, එම කලාපය හරහා යාමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරාන විප්ලවීය ආරක්ෂක…

අද කාලගුණ නිවේදනය

අද (03) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු-මැද පළාත්වලත්, වවුනියාව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

රටට අභිමානය ගෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් නැවත ගොඩනැගිය යුතුයි: නාමල්

තවත් ICC ක්‍රිකට් T20 ලෝක කුසලානයකින් ශ්‍රී ලංකාව ඉවත්වීම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සෑම පුරවැසියෙකුටම කලකිරීමට කරුණක් වී ඇති බව හිටපු ක්‍රීඩා ඇමති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා. සිය “x” ගිණුමෙහි සටහනක් තබමින්…

බහරේනයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Amazon Cloud සේවය ඇනහිටී

ඉරානයේ ප්‍රතිප්‍රහාර මධ්‍යයේ බහරේනයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි තම දත්ත මධ්‍යස්ථානවල විදුලි බලය සහ සන්නිවේදන සම්බන්ධතා බිඳවැටීම් පවතින බව ඇමේසන් සමාගමේ Cloud සේවා ඒකකය (Amazon’s cloud unit-AWS) සඳහන් කරනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි දත්ත මධ්‍යස්ථාන දෙකක විදුලි…

තේ අපනයනකරුවන්ට රජයෙන් දැනුම් දීමක්

මැදපෙරදිග උද්ගතව ඇති තත්ත්වය හමුවේ එම කලාපයට අපනයනය කරනු ලබන තේ ඇතුළු ද්‍රව්‍ය කොළඹ වරායට රැගෙන ඒමෙන් වළකින ලෙස රජය ඉල්ලීමක් කරනවා. අද (02) කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මේ බව…

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ හදිසි සෝදිසියක්: ජංගම දුරකතන, සිම්පත් සහ මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි

අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරය තුළ බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (01) රාත්‍රියේ සිදු කරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදී, අයිතිකරුවන් නොමැති ජංගම දුරකතන 05ක් ඇතුළු තහනම් භාණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා. මෙම මෙහෙයුමේදී ජංගම දුරකතනවලට අමතරව ජංගම දුරකතන සිම්පත් 17ක්, අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කුඩා…