News Editor

News Editor

නිල ණය හිමියන් සමඟ ගිවිසුම් අවසන් කිරීම සහ ප්‍රධාන බාහිර පුද්ගලික ණය හිමියන් සමඟ ගිවිසුමට එළඹීම මීළඟ පියවර විය යුතුයි – IMF

ආර්ථිකය කල්පවත්නා ප්‍රකෘතියක් සහ ස්ථාවර සහ ඇතුළත් ආර්ථික වර්ධනයක් කරා යන මාවතකට ගෙන ඒම සඳහා ප්‍රතිසංස්කරණ සිදුකිරීම පවත්වාගෙන යාම වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. උද්ධමනය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් අඩු වී ඇති බවත් සාර්ව ආර්ථික ස්ථායීතාවයට සහාය වීම සඳහා…

IMF දෙවැනි සමාලෝචනය ගැන කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණෙයි

ශ්‍රී ලංකාවට අනුමත කළ විස්තීර්ණ ණය පහසුකමේ වැඩසටහන හා සම්බන්ධ දෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරනවා. ඒ අනුව මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලනාධිකාරිය සහ විධායක මණ්ඩලය මගින් ඉදිරියේදී…

බදු පනත් දෙකක් බලාත්මක කෙරේ

පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 02ක් සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් තබා තිබෙනවා. සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා කථානායකවරයා මෙලෙස (20) සිය සහතිකය සටහන් කර ඇති…

ජනතාව එක පැත්තක තියලා හොරු ටික අනික් පැත්තේ තියලා මේ අරගලය ජයග්‍රහණය කරනවා – සුනිල් හඳුන්නෙත්ති

රටේ ඉතිහාසය වෙනස් කිරීම සඳහා ඇත්තේ තවත් සති අන්ත 15 ක් පමණක් බව ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති පවසනවා. මේ රට විනාශ කිරීමට කටයුතු කළ, අදටත් විනාශ කිරීම සඳහා කටයුතු කරන හොරු, ජඩ වැඩ සියල්ල සිදුකරන බවයි ජන හමුවක් අමතමින්…

බොහෝදුරට පොහොට්ටුවෙන් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරාවි – ප්‍රසන්න රණවීර

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බොහෝදුරට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසනවා. ඒ අනුව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පරාටේ නීතිය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

බැංකු මගින් ප්‍රදානය කරන ණය අය කර ගැනීමේ පනත හෙවත් පරාටේ නීතිය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ණය ගැනුම්කරුවන්ගේ දේපළ වෙන්දේසි කිරීම සඳහා බැංකුවලට බලය හිමිවන පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීමට පසුගියදා…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි දෙවන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර්…

එළැඹෙන උත්සව සමයේදී හිඟයකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දෙනවා – පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්

එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව, සාධාරණ මිලට ලබා ගැනීමට හැකි පසුබිමක් නිර්මාණය කර තිබෙන බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් පැවසීය. ගොවියාත් පාරිභෝගිකයාත් සුරැකෙන ක්‍රමවේදයක් ඔස්සේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද…

දුන්හිද ඇල්ල ප්‍රවේශ මාර්ගය පිරිසිදු කළ පුරවර සරසවි මිතුරෝ

බදුල්ල සුන්දර දුන්හිද ඇල්ල ප්‍රවේශ මාර්ගයේ සහ ඇල්ල අසල ඇති ප්ලාස්ටික්, වීදුරු බෝතල්, පොළිතින් ඇතුළු පරිසරයට හානිදායක අපද්‍රව්‍ය ඉවත්කිරීමේ වැඩසටහනක් කොළඹ විශ්වවිද්‍යාලයේ ‘පුරවර සරසවි මිතුරෝ’ කණ්ඩායම විසින් පසුගියදා සිදු කරන ලදි. පරිසරය පිරිසිදුව තබාගනිමු, සොබාව සෞන්දර්ය රැකගනිමු යන තේමාව පෙරදැරිව…

ඉන්ධන පිරවුම්හලේ මුරකරුගේ සිරුර කළු ගඟෙන් හමුවෙයි

දියේ ගිලි මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් නාර්තුපාන පාලම අසල කළු ගඟේ පාවෙමින් තිබියදී අද (21) හමුවූ බව තෙබුවන පොලිසිය පවසයි . මෙසේ මියගොස් ඇත්තේ අගුරුවාතොට උස් වත්ත ලිපිනයේ පදිංචිව සිටි හල්නෙත්ති රුවන්සිරි පෙරේරා නමැති  43 හැවිරිදි පුද්ගලයකු ගේ බවට හඳුනාගෙන ඇතැයිද…