News Editor

News Editor

බොහෝදුරට පොහොට්ටුවෙන් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරාවි – ප්‍රසන්න රණවීර

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බොහෝදුරට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසනවා. ඒ අනුව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පරාටේ නීතිය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

බැංකු මගින් ප්‍රදානය කරන ණය අය කර ගැනීමේ පනත හෙවත් පරාටේ නීතිය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ණය ගැනුම්කරුවන්ගේ දේපළ වෙන්දේසි කිරීම සඳහා බැංකුවලට බලය හිමිවන පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීමට පසුගියදා…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි දෙවන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර්…

එළැඹෙන උත්සව සමයේදී හිඟයකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දෙනවා – පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්

එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව, සාධාරණ මිලට ලබා ගැනීමට හැකි පසුබිමක් නිර්මාණය කර තිබෙන බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් පැවසීය. ගොවියාත් පාරිභෝගිකයාත් සුරැකෙන ක්‍රමවේදයක් ඔස්සේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද…

දුන්හිද ඇල්ල ප්‍රවේශ මාර්ගය පිරිසිදු කළ පුරවර සරසවි මිතුරෝ

බදුල්ල සුන්දර දුන්හිද ඇල්ල ප්‍රවේශ මාර්ගයේ සහ ඇල්ල අසල ඇති ප්ලාස්ටික්, වීදුරු බෝතල්, පොළිතින් ඇතුළු පරිසරයට හානිදායක අපද්‍රව්‍ය ඉවත්කිරීමේ වැඩසටහනක් කොළඹ විශ්වවිද්‍යාලයේ ‘පුරවර සරසවි මිතුරෝ’ කණ්ඩායම විසින් පසුගියදා සිදු කරන ලදි. පරිසරය පිරිසිදුව තබාගනිමු, සොබාව සෞන්දර්ය රැකගනිමු යන තේමාව පෙරදැරිව…

ඉන්ධන පිරවුම්හලේ මුරකරුගේ සිරුර කළු ගඟෙන් හමුවෙයි

දියේ ගිලි මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් නාර්තුපාන පාලම අසල කළු ගඟේ පාවෙමින් තිබියදී අද (21) හමුවූ බව තෙබුවන පොලිසිය පවසයි . මෙසේ මියගොස් ඇත්තේ අගුරුවාතොට උස් වත්ත ලිපිනයේ පදිංචිව සිටි හල්නෙත්ති රුවන්සිරි පෙරේරා නමැති  43 හැවිරිදි පුද්ගලයකු ගේ බවට හඳුනාගෙන ඇතැයිද…

ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා දැඩි කිරීමේ පියවරක්

විදෙස් ශිෂ්‍යයින් සඳහා වීසා නීති දැඩිකිරීම මෙම සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් ගණන විශාල ලෙස වැඩිවී ඇති බවට හෙළිවූ  නවතම දත්ත වාර්තා වලට අනුවයි.…

මුදල් නෝට්ටු විකෘති කර නිර්මාණ කිරීම ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

මුදල් යොදාගෙන සිදුකරන විවිධ නිර්මාණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීම සඳහා වලංගු මුදල් නෝට්ටු යොදා ගැනීම සහ එවැනි ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කිරීමේ ප්‍රවණතාව කෙරෙහි මහ බැංකුවේ…

ඩිලාන් පෙරේරාත් COPE කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා COPE කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මේ වන විට COPE කමිටුවෙන් ඉල්ලා අස්වූ මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 11 ක්.

වනිඳු යළි ටෙස්ට් කණ්ඩායමට කැඳවීම ගැන ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු

ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගෙන සිටි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හදිසියේම ටෙස්ට් සංචිතය සඳහා නම් කළේ ඔහුට එරෙහිව පැනවීමට තිබූ තරග තහනමෙන් ඔහුව ආරක්ෂා කර ගැනීමේ උපක්‍රමයක් ලෙස නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ශ්‍රී ලංකාව හා…