News Editor

News Editor

පොසොන් උත්සවයට ආරක්ෂක වැඩපිළිවෙළක් 

පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පොසොන් කලාප 322ක්, තොරණ 296ක්, දන්සල් 4600කට ආසන්න ප්‍රමාණයක් ඇතුළු 6000කට ආසන්න උත්සව ප්‍රමාණයක් පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. මීට සමගාමීව දිවයින පුරා විහාරස්ථාන 11,100කට ආසන්න ප්‍රමාණයක විවිධ ආගමික වතාවත් සංවිධානය කර ඇතැයි ද…

රාජකාරියට ගිය පොලිස් නිලධාරීන්ට බල්ලා උසිගැන්වූ පුද්ගලයාට වෙඩි

මීතොටමුල්ල, වඩුගොඩවත්තේ කසිප්පු ජාවාරම්කරුවකුගේ නි‍වෙසක් පරීක්ෂා කිරීමට ගිය වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් පිරිසකට නි‍වෙසට ඇතුළුවීමට ඉඩ නොදී නි‍වෙසේ ඇතිදැඩි කරන සුනඛයාව ලිහා පොලිස් නිලධාරීන්ව සපා කෑමට සලස්වා තිබේ. මෙහිදී පොලිස් නිලධාරීන් සුනඛයාගේ සපාකෑම්වලට ලක්වන විට සුනඛයාව උසිගන්වමින් සිටි කසිප්පු ජාවාරම්කරුට පොලිසිය…

මහරගම අපේක්ෂා රෝහලට ආධාර පිණිස දෙස් විදෙස් භික්ෂූන් වහන්සේ පිණ්ඩපාත චාරිකාවක

මහරගම අපේක්ෂා රෝහලට ආධාර පිණිස ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දේශීය සහ විදේශීය භික්ෂූන් වහන්සේලා පනස් නමක් පිණ්ඩපාත චාරිකාවේ වැඩම කිරීම ඊයේ (20) උදෑසන සිදු විය. පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැඟිල්ල අසලින් පිණ්ඩපාත චාරිකාව…

දිව්‍ය ලෝකය ඔළුවට කඩන් වැටීම, ජනාධිපතිවරණයට කෙසේ බලපායිද ? – මහින්ද දේශප්‍රිය

සැප්තැම්බර් 20 සහ ඔක්තෝබර් 16 අතර කාලසීමාව තුළදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි. VIEW මැතිවරණ  නිරීක්ෂණ සංවිධානයේ මාධ්‍ය හමුවට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේය. එහිදී…

උතුම් වූ පොසොන් පොහොය දිනය අදයි

ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (21) යෙදී තිබේ.  ශ්‍රී ලාංකික ජන සමාජය සමාජ,සංස්කෘතික හා ආගමික ,අධ්‍යාත්මික ලෙස සංවර්ධනය කිරීම උදෙසා අද වැනි පොසොන් පොහෝ දිනක සිදු වූ…

“සුවසාර කැඳැල්ල” පුනරුත්තාපන වැඩසටහන ශ්‍රී ලංකා පොලිසිය මගින් සාර්ථකව සිදුකරයි

“සුවසාර කැඳැල්ල” පුනරුත්තාපන වැඩසටහන හරහා ගල්කිස්ස, නුගේගොඩ සහ කැළණිය යන කොට්ඨාස තුනෙන් පමණක් මේ වන විට එක්දහස් පන්සීයකට ආසන්න තරුණ පිරිසක් මත්ද්‍රව්‍ය වලින් ගලවා ගැනීමට සමත්ව ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. ඊළඟ අදියරේදී බස්නාහිර පළාතේ කලුතර, පානදුර, ගම්පහ…

චීන සමූ­හාණ්ඩු ජාතික ආර­ක්ෂක සර­ස­වියේ නිල­ධා­රීන් පිරි­සක් නාවික හමුදා මූල­ස්ථා­නයේ සංචා­ර­යක

මහ­ජන චීන සමූ­හා­ණ්ඩුවේ ජාතික ආර­ක්‍ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් නාවික හමුදා මූල­ස්ථා­නයේ සංචා­ර­යක නිර­තවී තිබේ. මෙරට අධ්‍ය­යන සංචා­ර­යක නිරත වන මහ­ජන චීන සමූ­හා­ණ්ඩුවේ ජාතික ආර­ක්‍ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ මාණ්ඩ­ලික පාඨ­මා­ලාව හදා­රන රියර් අද්මි­රාල් Hu Gangfeng මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුත් නිල­ධාරී කණ්ඩා­ය­මක් පෙරේදා (18) නාවික…

පියුමි හංසමාලිගේ බැංකු ගිණුම් ගැන විමර්ශනයට අධිකරණයෙන් නියෝග

ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලී මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08ක පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට කොළඹ අලුත්කඩේ අංක 04 මහෙස්ත්‍රාත් මංජුල තිලකරත්න නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට අවසර ලබාදී තිබෙනවා. අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ අලුත්කඩේ අංක 04ක අධිකරණයට…

ජනපති අධිකරණයට බලපෑම් කරන්නේ ධුර කාලය දීර්ඝ කරන නීති කෙටුම්පතක් ගෙන ඒමට විය හැකියි – සුමන්තිරන්

පාර්ලිමේන්තුවට පැමිණ අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් අභියෝගාත්මක ප්‍රකාශයක් කිරීම හරහා ජනාධිපතිවරයා ගෙන යාමට උත්සාහ කරන නව ප්‍රවනතාව ඉතා බැරෑරුම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසනවා. ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 5 සිට 6 දක්වා වැඩි කිරීමට නීති…

උරුමය ඉඩම් ඔප්පු ජංගම වැඩසටහන – ප්‍රාදේශීය ලේකම්වරයාට බලපත්‍රය බාරදී සින්නක්කර ඉඩම් ඔප්පුවක් ලබාගැනීමට අයදුම් කරන්න – රජය

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම මස 26 සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය කටයුතු කර ඇත. ඉඩමක් සඳහා සින්නක්කර ඔප්පුවක්…