News Editor

News Editor

රවිගේ නම ජාතික ලැයිස්තුවට යැවීම ගැන ස්වාධීන පරීක්ෂණයක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවි කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට දැනුම් දීමට එම පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය ගත් පියවර සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස්…

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට කාන්තාවන් 22ක් තේරී පත්වීම රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක්-හිටපු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට කාන්තාවන් 22ක් තේරී පත්වීම රටක් ලෙස ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි. එම සුබ පැතුම් පණිවුඩයේ මෙසේ සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක කාර්යයට කාන්තාවන් 22 දෙනෙකු…

සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වැඩ භාර ගනිති

පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය බිමල් රත්නායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්වරු පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි සිය කාර්යාලවලදී ඊයේ (21) පස්වරුවේ වැඩ භාර ගැනීම සිදු කළහ. ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, සභානායක ලේකම් ජනකාන්ත සිල්වා, ආණ්ඩු පක්ෂයේ…

අපරාධකරුවන්ට මෙන්ම ආධාර අනුබල දෙන්නන්ටත් දඬුවම එකයි

විවිධ සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා අපරාධකරුවන්ට සේම ඔවුන්ට ආධාර අනුබල දෙන, ඔවුන්ගෙන් වරප්‍රසාද ලබන හෝ වෙනත් වැරදි වැඩ කරන නිලධාරීන්ට ද දඬුවම සමාන බවත් සියලු දෙනා අපරාධකරුවන් සේ සලකා අධිකරණය හමුවට පමුණුවා දඬුවම් ලබාදීම සිදුකරන බවත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය…

පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය යළි තහවුරු කිරීමේ වගකීම නව කථානායක සතුයි-අගමැතිනි හරිනි සුබපතයි

රටේ ජනතාවගේ විශ්වාසය පසුගිය කාලයේ අහිමි වූ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නැවත ජනතාව තුළ විශ්වාසය ඇති කිරීමේ කාර්යභාරය නව කථානායකවරයා වෙත පැවරෙන වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසුවාය. පාර්ලිමේන්තුවේ උත්තරීතර බව රැක ගැනීමත්, ජනතාව වෙනුවෙන් පෙනී…

කාන්තා ඔලිම්පික් රන් දිනූ ඉමානේ වෛද්‍ය වාර්තා අනුව ක්‍රීඩක‌යෙක්

පැරිස් ඔලිම්පික් උලෙළේ කාන්තා බොක්සිං රන් පදක්කමක් දිනූ ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකා ඉමානේ කෙලිෆ්, ක්‍රීඩිකාවක් නොව ක්‍රීඩක‌යෙක් බවට තොරතුරු හෙළි වේ. පැරිසියේ ක්‍රෙම්ලින් රෝහලේ සහ ඇල්ජියර්ස්හි ලැමින් රෝහලේ විශේෂඥ වෛද්‍යවරු විසින් සකස් කරන ලද බව කියන වෛද්‍ය වාර්තා අනුව කෙලිෆ්ගේ ජීව…

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ලෙස මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා මහතා පත් කර තිබේ. ඒ මහතා පෙරේදා (20) සිය ධුරයේ රාජකාරී ඇරඹීය.

විපක්ෂ නායක පුටුවේ වාඩි වූ ස්වාධීන මන්ත්‍රී නැඟිටින්න කිවුවත් බෑ කියයි-නිලධාරීන් ඇවිත් නැඟිටින්න කිවුවාම ලියල තියෙන තැන පෙන්නන්න කියයි

විපක්ෂ නායකවරයා වෙනුවෙන් සම්ප්‍රදායිකව වෙන් කරන අසුනේ නවක මන්ත්‍රීවරයෙකු හිඳ ගැනීමත් සමඟ ගැටලුකාරී තත්ත්වයක් පාර්ලිමේන්තුවේදී ඊයේ (21) මතු විය. ස්වාධීන කණ්ඩායමකින් යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුව ආරම්භ වන අවස්ථාවේදී විපක්ෂ නායක අසුනේ මෙලෙස අසුන්ගෙන සිටිනු…

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ කොරියානු තානාපතිනිය අතර සුහද හමුවක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අබයකෝන් මහතා සහ කොරියානු ජනරජයේ මෙරට තානාපතිනිය වන මියෝන් ලී (miyon lee) මහත්මිය අතර සුහද හමුවක් පසුගිය 18 වැනි දින මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි පැවත්විණි. මෙහිදී දෙරටේ පවතින මිත්‍රත්වය, අධ්‍යාපනය, සංස්කෘතිය, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය…

ඩග්ලස්ට වරෙන්තු

රුපියල් මිලියන 20ක මුදලක් අගරු චෙක්පත් ලෙස ලබාදී වංචා කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂි විභාගය සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටි ඊ.පී.ඩී.පී. පක්ෂයේ නායක හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාට වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (21)…