Month December 2024

සිරියානු කැරලිකරුවන් අගනුවරට – සිරියානු ජනපති රටින් පළා යයි

වසර ගණනාවක යුද්ධයෙන් බැටකන සිරියාවේ සන්නද්ධ කණ්ඩායම් පවසන්නේ, ඔවුන් ඩමස්කස් අගනුවර අල්ලා ගත් බවයි. ජනාධිපති බෂාර් අල් අසාද් රටින් පළාගොස් ඇති බවත්, අල්ජසීරා ප්‍රවෘත්ති සේවය වාර්තා කර ඇත. පැය කිහිපයකට පෙර දරුණු ප්‍රහාරයකින් හෝම්ස් නගරය කැරලිකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන්…

ඩොනල්ඩ් ට්‍රම්ප්, විලියම් කුමරුට කිව්ව දේ

ප්‍රංශයේ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර (Notre-Dame) චාරිත්‍රානුකූලව නැවත විවෘත කිරීම සඳහා ප්‍රංශයට ගිය වේල්ස් කුමරු සහ අමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදු විය. මීට වසර පහකට පෙර ගින්නකින් විනාශයට පත් වූ ලෝක ප්‍රසිද්ධ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර ප්‍රතිසංස්කරණය…

නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය හකා නැටීම ගැන කතා කරයි

මෑතකදී සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී වයස අවුරුදු 22ක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී හනා-රාව්හිටි මයිපි-ක්ලාක් තම ප්‍රසිද්ධ හකා නැටුම සහ සංස්කෘතික නියෝජනය පිළිබඳව අදහස් දක්වා තිබේ. ගිවිසුම් මූලධර්ම පනත් කෙටුම්පතට එරෙහිව හකා නැටීම නිසා ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියට පත් ඇය, මාඕරි උරුමය ගැන…

උත්සව සමයේ හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස්

හිඟයකින් තොරව බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි. ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ මේ වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල් 35-36ත් අතර අතර පවතින…

″ රන්සළු ″ බලන්න ගිය ඇමති හඳුන්නෙත්ති

දේශීය අත්යන්ත්‍ර පේෂකර්මාන්තය ප්‍රවර්ධනය හා සංවර්ධනය කරමින් එහි නිරත ශිල්පීන්ගේ ජීවන තත්වය නඟා සිටුවීමේ අරමුණ ඇතිව පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ″ රන්සළු ″ ජාතික අත්යන්ත්‍ර පේෂකර්මාන්ත ප්‍රදර්ශනය සහ අලෙවි සල්පිල පසුගියදා (06) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ…

උත්සව සමයේ ආහාර පාන පරීක්ෂාව දිගටම

උත්සව සමය නිමිත්තෙන් මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගර ආශ්‍රිතව අලෙවි කරනු ලබන ආහාර පාන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ක්ෂේත්‍ර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1750ක පමණ…

ශ්‍රී ලංකාවට ජපානයෙන් ගංවතුර ආපදා අධාර තොගයක්

ශ්‍රී ලංකාවේ ගංවතුර ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව අතරේ බෙදාහැරීම සදහා , ශ්‍රී ලංකා  ජපාන තානාපති කාර්යාලයේ සහ ජයිකා ආයතනයේ මැදිහත්වීමෙන් ජපාන රජය පරිත්‍යාග කළ රුපියල් මිලියන 300 ක් වටිනා ආධාර තොගයක් ,  කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේ දී ඊයේ(07) රාත්‍රී…

උතුරු සහ නැගෙනහිර වැසි තත්ත්වයේ වැඩි වීමක්

නැගෙනහිර තරංගාකාර කැළඹිලි ස්වභාවයක් ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වය කෙරෙහි බලපෑම් ඇතිකිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10 දින සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ. මේ සමග දිවයින…

ලොහාන් රත්වත්තේ රිමාන්ඩ්

බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා ඒ අද (07) අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බීමත්ව රිය…

අමෙරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ඉලක්කයක්

ඩිජිටල් ආර්ථිකය මඟින් ඉදිරි වසර පහ ඇතුළත අමෙරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. දේශපාලන අධිකාරියේ සහ ඩිජිටල් තාක්ෂණවේදීන්ගේ අපේක්ෂා සමපාත වී ඇති මේ අවස්ථාවේ රට ඩිජිටල්කරණය කිරීම සඳහා සියලුම වෘත්තීයවේදීන්ගේ සහයෝගය අපේක්ෂා…