තීරණය වෙනස් කරමින් කෘෂිකර්ම ඇමති ඉරානයට යයි

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ඉරානයේ නිල චරිකාවක් සඳහා (26) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ මහතා සහභාගි වන අතර ඉරාන කෘෂිකර්ම අමාත්‍ය Mohammad Ali Nikbakht හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතව තිබේ.

ඉරානයේ පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට යාමට නියමිතව තිබුනත්, ඒ සදහා සහභාගි නොවීමට අමාත්‍යවරයා තීරණය කර තිබුනේය. නමුත් පසුගියදා මෙරටට පැමිණි ඉරාන ජනාධිපතිවරයා හා කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් මෙම EXPO ප්‍රදර්ශනයට සහභාගි වෙන ලෙස කළ ඉල්ලීමක් අනුව නැවත තම තීරණය වෙනස් කළ අමාත්‍යවරයා අද පෙරවරුවේ ඉරානය බලා පිටත්විය.

ඉරානයේ දී එරට කෘෂිකර්ම අමාත්‍ය Mohammad Ali Nikbakht හමුවී සිදුකරන සාකච්ඡාවේ දී විශේෂයෙන් නව කෘෂි තාක්ෂණික හුවමාරුව සම්බන්ධව සාකච්ඡා කිරීමට අදහස් කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *