Category Politics

විපක්ෂයක් විදිහට ජනතාවගේ ප්‍රශ්නවලට මැදිහත් වෙනවා-සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

මෝල් හිමියන් ඉදිරියේ මේ ආණ්ඩුව පරාජයට පත්ව ඇති බවත්, ලක්ෂ පනහකට ආසන්න පිරිසකට රැඳවුම් බදු බර පැටවීම අමානුෂික ක්‍රියාවක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව පැවැසුවේ ‘දිනමිණ’ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදීය. එහිදී…

ජාතික ශිල්ප සභාවේ නව සභාපතිනී ආචාර්ය අයේෂා වික්‍රමසිංහ

විලාසිතා නිර්මාණය හා නිෂ්පාදන ප්‍රවර්ධනය පිළිබඳව හසල දැනුමක් සහ පළපුරුද්දක් සහිත ආචාර්ය අයේෂා වික්‍රමසිංහ මහත්මිය ජාතික ශිල්ප සභාවේ සභාපතිනිය ලෙස පත්කර තිබේ. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ශිල්ප සභාව දේශීය හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය හා ප්‍රවර්ධනය…

නෝර්වේ තානාපතිනිය අගමැතිනි හරිනි හමු වේ

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනි May-Elin Stener මහත්මිය අතර හමුවක් අගමැති කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. දිළිඳුකම පිටුදැකීම, සමාජ ආරක්ෂණ පියවර, බදු ප්‍රතිසංස්කරණ, පුනර්ජනනීය බලශක්තිය සහ රැකියා උත්පාදනය ඇතුළු ප්‍රධාන මාතෘකා සමඟ දෙරට අතර සහයෝගිතාව වර්ධනය කිරීම…

ඉදිරි ඡන්දයට රටට සේවය කළ හැකි තරුණ පිරිසක් ඉදිරිපත් කරනවා-ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා රටට සේවය කළ හැකි තරුණ පිරිසක් ඉදිරිපත් කරන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව පැවැසුවේ ජනසෙත පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ…

පොලොන්නරුවේ සහල් මෝල් 10කින් වී කිලෝ කෝටියකට වැඩිය වෙළෙඳපොළට නිදහස් කළා-ඇමැති වසන්ත සමරසිංහ

පොලොන්නරුවේ සහල් මෝල් 10කින් පමණක් වී කිලෝ කෝටියකට වැඩි ප්‍රමාණයක සහල් ගෙවී ගිය දින 10 තුළ පමණක් වෙළෙඳපොළට නිදහස් කිරීමට කටයුතු කළ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පැවැසීය. සතොස හරහා පසුගිය දින 10…

ජර්මානු තානාපති ඇමැති හර්ෂණ හමු වෙයි

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නිවුමාන් (Felix Neumann) මහතා ප්‍රමුඛ ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් හා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අතර හමුවක් පසුගියදා (20) අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විණි. මේ අවස්ථාවට ජර්මානු තානාපති කාර්යාලයේ සහ අධිකරණ…

අධ්‍යාපන අභියෝග ජය ගන්න ADB දායකත්වය

ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවක් ලෙස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ දේශීය අධ්‍යක්ෂ තකෆුමි කදොනො (Takafumi Kadono) මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී…

ජනපතිට මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන්ගේ ආශීර්වාදය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා (20) මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලැබූයේ මේ අයුරිනි. පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත වූ අතර, වත්මන් දේශපාලන…

පොලී ආදායම පමණක් ලබන අයට අගතියක් නැහැ

රඳවා තබා ගැනීමේ බද්ද සියයට 5 සිට 10 දක්වා වැඩි කිරීමෙන් විශ්‍රාමිකයන්ට හෝ පොලී ආදායමෙන් පමණක් දිවි ගෙවන කිසිවකුට අගතියක් ඇති වීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ඉහළ ආදායම් ලබන්නන්ගෙන් බදු අය කරගැනීම සඳහා බදු යන්ත්‍රණය පුළුල්…

උපයන විට ගෙවීමේ බදු අඩු කර රැඳවුම් බදු වැඩි කිරීම අටුව කඩා පුටුව හැදීමක්-පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

බදු සංශෝධනයෙන් පුද්ගලයන් 121,000කගේ බදු අඩු කර ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161ක් රැඳවුම් බදු වැඩි කිරීම අටුව කඩා පුටුව හැදීමක් යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය. එම නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස ද සඳහන් වේ. “ආණ්ඩුව…