Category Politics

පාතාලයන් අල්ලද්දී නාමල්ලා බය වෙන්නෙ ඇයි?

පාතාලයන් අත්අඩංගුවට ගැනීමේදී නාමල් රාජපක්ෂලා ඇතුළු විපක්ෂය බියට පත්ව තිබෙන්නේ කුමක් නිසාදැයි රටම දන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. තමන්ගේ අතේ වරදක් නැති කිසි කෙනෙක් බිය විය යුතු නැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. “නාමල් රාජපක්ෂලා…

මහජන ආරක්ෂක ලේකම්ට එරෙහි නඩුව තාවකාලිකව අත්හිටුවයි

2023 වසරේ බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.…

හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහි නඩුව සැප්තැම්බර් 23 වැනිදා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් 23 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (04) නියම කළා. නඩුව කොළඹ මහාධිකරණ විනිසුර සහන් මාපා බණ්ඩාර ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන්…

මහින්දානන්ද සහ නලින්ට එරෙහි නඩුව ඔක්තෝබර් 10 යළි කැඳවයි

පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් මේ වනවිට සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වූ මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව නීතිපතිවරයා…

තුසිත හල්ලොලුව 18 දක්වා යළි රිමාන්ඩ්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව, සැප්තැම්බර් 18 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

වියත්පුරෙන් නිවාස මිලදී ගැනීමේ දී මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ සහන ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ‘වියත්පුර’ නිවාස ව්‍යාපෘති‌යෙන් නිවාස මිලදී ගැනීමේදී ලබා දී ඇති සහන ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙයි. 2022‑05‑09 දින රට තුළ ඇති වූ කලබලකාරී තත්ත්වය මත නිවාස අහිමි වූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින්…

ගම්මන්පිළගේ රිට් පෙත්සම අද විභාගයට

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න අත්අඩංගුවට ගැනීම පිළිබඳව මාධ්‍යයට කළ ප්‍රකාශයකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද සළකා බැලෙනවා. හිටපු එල් ටී ටී ඊ නායකයෙකු…

‘ICCPR සම්මුතියත් දේශපාලන දඩයමට භාවිත කරලා: පරීක්ෂණයක් අවශ්‍යයි’

දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් ICCPR සම්මුතිය හරහා යම් යම් අවස්ථාවලදී පුද්ගලයකුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට, දේශපාලන දඩයම් කිරිමට භාවිත කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මේ නිසාම කොටස් 6කින් යුත් පරීක්ෂණයක් හරහා මෙම සම්මුතිය…

පරණ පුරුද්ද අතහරින්න බැරි නම්, පොලිස් සේවයෙන් ඉවත් වෙන්න – ජනපති

මත්ද්‍රව්‍ය උවදුර නිසා මුළු සමාජයම මහා වසංගතයකට ගොදුරු වෙමින් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. විශාල බලාපොරොත්තු සහිතව හදා වඩා ගන්නා දරුවන්, හිරිමල් වයසේදීම මත්ද්‍රව්‍යවල ගොදුරු බවට පත් වී ඇති බවයි 159 වැනි පොලිස් දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා…

නව මහාධිකරණ විනිසුරුවරුන් 18කට ජනපති අතින් පත්වීම්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කරනු ලැබ ඇත. මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කෙරිණි. විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන්  17 දෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රජයේ…