Category Politics

පරණ පුරුද්ද අතහරින්න බැරි නම්, පොලිස් සේවයෙන් ඉවත් වෙන්න – ජනපති

මත්ද්‍රව්‍ය උවදුර නිසා මුළු සමාජයම මහා වසංගතයකට ගොදුරු වෙමින් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. විශාල බලාපොරොත්තු සහිතව හදා වඩා ගන්නා දරුවන්, හිරිමල් වයසේදීම මත්ද්‍රව්‍යවල ගොදුරු බවට පත් වී ඇති බවයි 159 වැනි පොලිස් දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා…

නව මහාධිකරණ විනිසුරුවරුන් 18කට ජනපති අතින් පත්වීම්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කරනු ලැබ ඇත. මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කෙරිණි. විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන්  17 දෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රජයේ…

රාජිත යළි බන්ධනාගාරයට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත රැගෙන ආ, රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දී යළි බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා. පසුගියදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයට අනුවයි ඔහු…

රාජිත අල්ලස් කොමිසම වෙත රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම වෙත රැගෙනවිත් තිබෙනවා. ඒ අනුව, ඔහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙලෙස අල්ලස් කොමිසමට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය නිසා එක්සත් ජාතික පක්ෂ සංවත්සරය කල් යයි

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර උත්සවය කල් දැමීමට පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කර තිබෙනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. කල් දමනු ලැබූ 79 වැනි සංවත්සර උත්සවය මේ මාසයේම…

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන සංවාදයක් ඇරඹේ

දශක හතක මිත්‍රත්වය ශක්තිමත් කරමින් සහ සහයෝගීතාවයේ නව යුගයක් ආරම්භ කරමින් ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා නියෝජ්‍ය අමාත්‍ය මාරියා ත්‍රිපෝඩි අද සිට සැප්තැම්බර් 5 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනවා. මෙම සංචාරය දශකයකට ආසන්න කාලයකදී ඉතාලියේ සිට ශ්‍රී…

රණවිරුවන් පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ලිපියක්

රණවිරුවන් පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අස්ගිරි පාර්ශවයේ මහා නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් වෙත ලිපියක් නිකුත්කර තිබෙනවා. එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් යුතුවයි මෙම ලිපිය නිකුත්කර ඇත්තේ. එම ලිපිය පහතින්. ”තිස් අවුරුද්දක් පුරා…

සතීෂ් ගමගේ යළි රිමාන්ඩ්

අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි  පොලිස් දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මහතා සැප්තැම්බර් 16 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (02) නියම කර තිබේ. මත්ද්‍රව්‍ය…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වැනි සංවත්සරය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වැනි සංවත්සරය අදට (02) යෙදී තිබෙනවා. සිය පක්ෂ සංවත්සර සැමරුම් උත්සවය අද පස්වරුවේදී පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක සඳහන් කළේ. ඒ සඳහා ආසන සංවිධායකවරුන්ට හා පක්ෂයේ…

ජනපති කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක

යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (01) කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවකට එක් වී තිබෙනවා. ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද…