Category Politics

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ විවාදයට

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (10) විවාදයට ගැනීමට නියමිතයි. අද පාර්ලිමේන්තුවේදී පෙරවරු 11.30 සිට පස්වරු 3.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා. විවාදයෙන් පසුව, පස්වරු 3.30ට මේ සඳහා වන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

රාජිතට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, අදාළ නඩුව අද (09) කැඳවූ අවස්ථාවේදී, සැකකරු රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන දෙක බැගින්…

ආන්දෝලනාත්මක රතු කන්ටේනර් එළියට ගිය හැටි සාගර රටට කියයි

පහුගිය කොවිඩ් සමයේ වරායේ ලොකු ප්‍රශනයක් තදබදයක් තිබුණ කාලයේ කිසිම දිනක රතු ලේබල් සහිත කන්ටේනරයක් මුදාහැර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් පවසනවා. එමෙන්ම මේ කාලයේ හදිස්සියේ ඇති වුණ තදබදය කොයි ආකාරයකින් ඇති වුණාද යන්න…

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විපක්ෂයේ විශ්වාසභංගය ගැන කථානායක තීන්දුව අද

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් බාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයාගේ තීරණය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. විශ්වාසභංගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ මතය ඇතුළත් වාර්තාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට පසුගියදා බාරදෙනු ලැබුවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්…

රාජිත අධිකරණයට රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අද (09) උදෑසන බන්ධනාගාර නිලධාරීන් විසින් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනනුකූලයි

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමයනය කර ඇතැයි කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙයි. පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් එය බලාත්මක කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායකවරයා දැනුම් දී…

පාතාලයට-කුඩු ජාවාරමට හවුල් මධුෂ් හෙළි කළ දේශපාලක 80ක ලැයිස්තුව ගෝඨාගේ සමයේදී යට ගහලා

මත්කුඩු ජාල­යට සම්බන්ධ සහ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­ව­න්ගෙන් යැපුණු දේශ­පා­ල­න­ඥ­යන් 80ක පමණ පිරි­ස­කගේ තොර­තුරු මාක­ඳුරේ මධූෂ් විසින් හෙළි­කර තිබුණ ද පොලිස් අත්අ­ඩං­ගුවේ සිටි­යදී අබි­ර­හස් ලෙස වෙඩි ප්‍රහා­ර­ය­කට ලක්ව ඔහු ඝාත­නය වීමත් සමඟ ඒ කිසිදු දේශ­පා­ල­න­ඥ­ය­කුට එරෙ­හිව විම­ර්ශ­න­යක් සිදුව නැත. පැවැති ආණ්ඩු­වල සිටි…

හිටපු ඇමතිවරුන්ගේ නිවාස 50ක් රජයේ ආයතන වෙත – අමාත්‍ය ආනන්ද විජේපාල

හිටපු ඇමතිවරුන් භාවිත කළ නිල නිවාස 50ක් ඉදිරියේදී රජයේ ආයතනවලට හෝ වෙනත් ආර්ථික කටයුතු සඳහා යොදා ගන්නා බව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. පසුගිය රජයේ ඇමතිවරුන් භාවිත කළ නිල නිවාස රාජ්‍ය ආයතනවල භාවිතයට යොදා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සංවාදයට…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (09) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතයි. ඒ අනුව, පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති අතර, පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන…

දේශබන්දු පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට දින නියම වෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි මස 12වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය. මෙම පෙත්සම් අද (08) අගවිනිසුරු…