Politics

විමල් වීරවංශට එරෙහි නඩුවක් නොවැම්බර් 10 වැනිදාට කල් තබයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක් වැඩිදුර විභාගය සඳහා නොවැම්බර් 10 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, අදාළ පැමිණිල්ල අද (01) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඉදිරියේ…

රට විරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස්ගත වී සිටින ශ්‍රමිකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට අතදීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඉදිරියේදී ශිෂ්‍යත්වලාභීන් 1628 දෙනෙකුට රුපියල් මිලියන 50.88ක වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතයි. මෙම වැඩසටහනේ…

ජනපති අද යාපනයේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගි වීමට නියමිතය. යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන් වන අදියර අද (01) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ. මේ…

රිමාන්්ඩ් ඉන්න රතන හිමිට දානය කොළඹ හෝටලයකින්

අධි­ක­ර­ණය මඟින් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියම කරන ලද හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී අතු­ර­ලියේ රතන හිමි­යන් සහ හිටපු අමා­ත්‍ය­ව­රුන් වන රාජිත සේනා­රත්න, නිමල් ලන්සා මහ­ත්ව­රුන්ට පිට­තින් කෑම ගෙන ඒම සඳහා අව­සර හිමි වී ඇතැයි බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේන්තු වාර්තා සඳ­හන් කරයි. එහිදී ගිහි…

UPDATE : සමන් ඒකනායකට අද CID වෙත නොපැමිණෙන ලෙස දන්වයි

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටින ලෙස දැනුම් දී ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය අංශය පවසනවා. හිටපු ජනාධිපතිවරයා එංගලන්තයේ සිදු කළ සංචාරයට අදාළව සිදු කරන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට, අද…

සමන් ඒකනායකව අද යළි CIDයට කැඳවයි

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකව අද (01) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.00ට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි සඳහන් වන්නේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිදු කළ සංචාරයට අදාළව සිදු කරන…

රනිල්ගෙන් සජිත්ට කොළ එළියක්: සජබ හා එක්වූ අයට පැනවූ අත්හිටුවීම් ඉවතට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය සමඟ එක් වූ සියලුම පක්ෂ සාමාජිකයින්ට පනවා තිබූ අත්හිටුවීමේ නියෝග ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති…

ජිනීවා යන්න කලින් ඇමති විජිත තානාපතිවරු මුණ ගැහෙන්න සැරසෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට පෙර අමාත්‍ය විජිත හේරත් මහතා මෙරට සිටින තානාපතිවරු සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ. මෙහිදී මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විද්වතුන් සහ නීතීඥවරුන් ද මුණ ගැසීමට අමාත්‍යවරයා සැලසුම් කර ඇත. එළැඹෙන සතියේ…

එජාපයේ 79 වැනි සංවත්සරය විපක්ෂයේ නායකයන් සමඟ 06වැනිදා කොළඹදී

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සරය 06 වැනිදා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලන පක්ෂ රැසක නායකයින්ගේ සහභාගිත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී උදෑසන 9.30ට පැවැත්වීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර…

ගෝටා සී.අයි.ඩී.එන්නේ රට ඉඳන් ආවාට පසුවයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය විදෙස් සංචාරය නිමකර මෙරටට පැමිණි පසු ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.ගාලුමුවදොර පිටියේ පැවති අරගල භූමියට පොලිසිය විසින් ඉකුත් 2022 මැයි 09 වෙනිදා එල්ලකල ප්‍රහාරය සම්බන්ධයෙන් එම ප්‍රකාශය ලබාගැනීමට නියමිත බව ද…