Category Politics

ජනපති අද ජපාන අගමැති හමුවෙයි

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙහිදී දෙරටේ ආර්ථිකය, ආයෝජන, සංවර්ධන සහයෝගිතාව සහ ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු…

මනම්පේරිගේ පාපොච්චාරණයෙන් තවත් තොරතුරු එළියට

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා සිටින සම්පත් මනම්පේරිගෙන් විමර්ශන නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර එහිදී අයිස් අමුද්‍රව්‍ය ඇතුළු කරුණු සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ වී තිබේ. සම්පත් මනම්පේරි විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බවට…

“මෙවර අයවැයෙන් බදු පැනවීමක් නැහැ”: ජනපති ජපානයේ දී කියයි

ඒ අනුව, එළැඹෙන අයවැය ලේඛනයෙන් අලුතින් කිසිදු බද්දක් හඳුන්වා දීමට අපේක්ෂා නොකරන බවත්, පනවා ඇති ඇතැම් බදු ප්‍රතිශත අඩු කිරීමටද ඉදිරියේදී අවධානය යොමු කරන බවත් සඳහන් කළා. ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා එහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමින් මේ…

ආයතන 457 ක නියෝජිතයින් කෝප් කමිටුව හමුවට කැඳවයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට අයත් වන සියලු ආයතනවල නියෝජිතයන් හමුවට කැඳවීමක් සිදුකර තිබෙනවා. ලබන ඔක්තෝබර් මස 2 වැනි දින මෙම කැඳවීම සිදුකර ඇති බව කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කළා. කෝප් කමිටුවේ කාර්යභාරය සහ…

හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර, කූඨ ලේඛන යටතේ ව්‍යාජ ලෙස ලියාපදිංචි කරන ලද බවට සැක කෙරෙන රුපියල් කෝටි 06 කට අධික වටිනාකමකින් යුත් ජීප් රථ 03 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා…

මනම්පේරි කටඅරී – කන්ටේනර් ලැබුණ හැටිත් හෙළි කරයි

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා සිටින සම්පත් මනම්පේරිගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මිද්දෙණිය ප්‍රදේශයෙන් හමුවු අයිස් මත්ද්‍රව්‍ය සහිත කන්ටේනර් දෙක සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් අනාවරණ කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව තිබෙනවා. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ බැකෝ සමන්ගේ…

මහින්ද බලන්න රනිල් කාල්ටන් යයි

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (28) දහවල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සුවදුක් විමසීමට තංගල්ල කාල්ටන් නිවසට ගොස් තිබුණා. ඉහත හමුව සිදුවූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කතරගම සිට කොළඹ බලා පැමිණෙන අතරවාරයේදී බව වාර්තා වෙනවා. තමන් සිරගත…

රටට මත්ද්‍රව්‍ය ඇතුලුවන ස්ථාන ගැන නාමල් කියයි

අද වනවිට රටට මත්ද්‍රව්‍ය ඇතුලු වන මූලික ස්ථාන බවට වරාය සහ ගුවන්තොටුපොළ පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. මතුගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදීයි ඔහු මේ බව සඳහන් කළේ.

ජනපති අද ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි 

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ටෝකියෝහිදී අද (28) පස්වරුවේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට නියමිතය. සිය තෙදින ජපාන නිල සංචාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඊයේ (27) දිනයේදී ජපානයට පැමිණි අතර එහිදී  ශ්‍රී…

වංචා දූෂණවලට එරෙහිව කෙළින්ම නඩු පවරන්න කෝප් කමිටුවට බලතල!

වංචාවක් හෝ දූෂණයක් සිදුවී ඇති බවට තහවුරු වන වාර්තා තවදුරටත් විමර්ශනය කොට නඩු පැවරීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ බලතල (කෝප් කමිටුවේ) වැඩි කිරීමට තීරණය කළ බවත් ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට පසුගිය සිකුරාදා (28) ඉදිරිපත් කළ බවත් පාර්ලිමේන්තුවේ…