Category Politics

ජනපති අපේක්ෂකයින් අතර විවාදයට අපේක්ෂයින් 39 දෙනාටම ඇරයුම් කෙරේ

2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාදය සැලසුම් කර ඇති පරිදි සැප්තැම්බර් මස 7 වන දින ඒ ආකාරයෙන්ම පැවැත්වීමට කටයුතු කරන බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා. ඒ අනුව අනෙකුත් අපේක්ෂකයන්ද දක්වන උනන්දුව සැලකිල්ලට ගනිමින් මෙම විවාදය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර…

ලන්තෑරුමෙන් ෆොන්සේකා ජනපති සටනට

ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද සලකුණ ලෙස “ලන්තෑරුම” , මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දී තිබෙනවා.

පාඨලීගේ සහාය සජිත්ට

ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සමගි ජන බල­වේ­ගයේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දා­සට සහාය පළ කිරී­මට එක්සත් ජන­රජ පෙර­මුණේ නායක පාර්ලි­මේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණ­වක මහතා තීර­ණය කර තිබේ. පාර්ලි­මේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණ­වක මහ­තාගේ නාය­ක­ත්ව­යෙන් යුත් එක්සත් ජන­රජ පෙර­මුණ ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී…

ජනපති සටනට දිලිත් ජයවීර ඇප තැන්පත් කරයි

සර්වජන බලය සංවිධානයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා මීට සුළු වේලාවකට පෙර ඇප තැන්පත් කරනු ලැබුවා. ඔහු මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ සර්වජන බලවේගයේ සාමාජික පක්ෂයක් වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මැතිවරණ ලාංඡනය යටතේයි. මේ අවස්ථාවට සර්වජන බලය සංවිධානයේ නියෝජිතයින්…

නාමයෝජනා පත්‍රයට අනුර අත්සන් තියයි

ජනපතිවරණය වෙනුවෙන් වන නාම යෝජනා පත්‍රයට ජාතික ජන බලවේගය පක්ෂයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අත්සන් තබා තිබෙනවා. අද (12) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී එම අත්සන් තැබීම සිදුවුණා. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ,…

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 වැනිදා

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව නිවේදනය කළා එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවල ඒ තුළින් එළිදැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ

ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට හිස නමා මනූෂ-හරීන් ඇමැති ධුර­ව­ලට සමු­දෙති

ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ලබා­දුන් තීන්දු­වෙන් අන­තු­රුව මනූෂ නානා­ය­ක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහ­ත්ව­රුන් සිය ඇමැති ධුර­ව­ලින් ඉවත් වී තිබේ. මනූෂ නානා­ය­ක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා ඇමැති ධුරයේ කට­යුතු කළ අතර, හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා හා තරුණ කට­යුතු, සංචා­රක හා ඉඩම් ඇමැති…

ජනාධිපතිවරණයට දැන් අපේක්ෂකයින් 27 ක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 27 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ඊයේ (09) දිනයේදී පමණක් අපේක්ෂකයින් තිදෙනෙකු ඇප තැන්පත් කර ඇති බව සඳහන් ඇප තැන්පත් කිරීම ආරම්භ වූ පසුගිය මස 26…

පොහොට්ටුවෙන් ධම්මික ආවොත් වෙන දේ මෙන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා නම් කිරීමෙන් පසුව එම පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට සූදානම්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව රත්නපුර, පොළොන්නරුව හා…