Category Politics

කෙහෙළියගේ පවුලේ සාමාජිකයින්ගේ වත්කම් තහනම් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් නිෂ්ප්‍රභ කෙරේ

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග…

කොටපොළ සමූපකාරයේ බලයත් විපක්ෂයට

කොටපොළ විවිධ සේවා සමූපකාර ප්‍රාදේශික නිලවරණයෙන් බහුතර බලය හිමිකර ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හැකි වුණා. ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව සමස්ථ නියෝජිතයින් 100 දෙනා අතුරින් 65 දෙනෙකු සජබ ප්‍රමුඛ පොදු විපක්ෂයෙන් පත් වී තිබෙනවා. එමෙන්ම, ජාතික ජන බලවේගයෙන් පත්ව…

මන්ත්‍රීවරු 20ක් ගිනිඅවි ඉල්ලති

තමන්ගේ ආරක්ෂාව සඳහා ගිනිඅවි නිකුත් කරන ලෙස මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ ඉල්ලීම් සිදුකර ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි. අදාළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ ආරක්ෂක අංශවලින් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර එම ඉල්ලීම් ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බව සඳහන් වේ.…

දින 77ක් මයික් එක ලබා නොදීම ගැන අර්චුනා ජාත්‍යන්තරයට ගතු කියයි

තමාට එල්ල වූ අසාධාරණකම් කිහිපයක් සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමය(IPU) හමුවට ගොස් සාක්ෂි ලබා දුන් බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ප්‍රකාශ කරනවා. තමා මේ දිනවල ජිනීවා නුවර සිටිමින් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ කමිටුවට ගොස් අදාළ සාක්ෂි…

බුවනෙකබා රාජ සභා මණ්ඩපයටම ඇවිත් නි. ඇමති නාමල් කී කතාව

ඓතිහාසික බුවනෙකබා රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවට එරෙහිව ගොනු කළ නඩුව ඉවත්කරගත් බවට කරන චෝදනාවල කිසිදු පදනමක් නැතැයි කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ නඩුව අවසන් වූයේ…

හිටපු ජනාධිපතිවරු, මැති ඇමැතිවරු 34ක් නිල නිවාස නැවත භාර දීලා

පෙර ආණ්ඩුව සමයේදී හිටපු ජනාධිපතිවරු, මැති ඇමැතිවරු ඇතුළු දේශපාලකයන් විසින් නිල නිවෙස් ලෙස භාවිත කරන ලද රජයේ නිවාස 34ක් මේ වන විට නැවත රජයට භාර දී තිබේ. කොළඹ 7 ප්‍රදේශයේ නිවාස 21ක් සහ කොළඹ 5 ප්‍රදේශයේ නිවාස 13ක් මේ අනුව…

ඩයනා ගමගේට එරෙහි වීසා නඩුවේ සාක්ෂි විභාගය අද පැවැත්වේ

හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙන ආගමන හා විගමන නඩුවේ සාක්ෂි විභාගය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, අදාළ නඩුව අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඉදිරියේ…

21 රැළියට පෙර තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව ගම්මන්පිල කියයි

ලබන මස 21 වැනිදා මහජන හඬ යන නමින් විපක්ෂයේ පක්ෂ නුගේගොඩ පැවැත්වීමට සූදානම් කර ඇති ජන රැළියට පෙර තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කළා. ඒ කොළඹ ඊයේ (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක එක්වෙමින්.…

ඔහුට හෘදය වස්තුවේ රෝගී තත්ත්වයක් තිබෙනවා වෙනත් මාර්ගයකින් තමයි ඔහුගේ හෘදයට ලේ ගමන් කරන්නේ, රනිල්ගේ නීතීඥයින් අධිකරණයට කියයි

බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් රුපියල් මිලියන 16 කට අධික රජයේ මුදල් අවභාවිතා කළේ යැයි කියන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ තවත් සැකකරුවන් සිටී නම් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ කොටුව…

මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් අද (29) වරෙන්තු නිකුත් කර තිබෙනවා. 2008 වර්ෂයට අදාළව, ඔහුට එරෙහිව එම අධිකරණයේ පවතින නඩු දෙකකට සහභාගී නොවීම සම්බන්ධයෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. ඔහු වෙනුවෙන් අධිකරණයේ…