Category Local News

අම්පාර, බංඩාරදුව පොලිස් බලප්‍රදේශයේ නවගිරියාව ගම්මානයේදී කුඹුරක වී අස්වනු නෙළීමෙන් පසු පිදුරුවලට ගිනි තැබීමට ගිය කාන්තාවක් එම ගින්නටම අසුවී මියගොස් තිබේ.

පෙරේදා (05) සවස මෙම සිදුවීම වී ඇති අතර, කුඹුරට ගිය කාන්තාව නැවත නි‍ෙවසට නොපැමිණීම නිසා පවුලේ අය විසින් ඇය සොයාගෙන ගොස් ඇති අතර එහිදී ඇයගේ පිලිස්සි ගිය මළ සිරුර හමුවී තිබේ. පසුව පවුලේ ඥාතින් විසින් මේ පිළිබඳව බංඩාරදුව පොලිස් ස්ථානයට…

වසන්තගේ දේහයේ නිරුවත් ඡායාරූප ගැන 30කගෙන් සාක්කි ගනී

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානය තුළදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා සූදානම් කර තිබියදී එහි නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහැරීම සම්බන්ධයෙන් හෝමාගම මූලික රෝහලේ පුද්ගලයන් 30 දෙනකුගෙන් පමණ සාක්ෂි…

පොඩි හාමුදුරුවන්ගේ මතක දම් දෙසුම අද

අපවත්වී වදාළ කොළඹ ගංගාරාම විහාරාධිපති නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක ගල්ගොඩ ඤාණිස්සර නාහිමියන් වෙනුවෙන් පවත්වන මතක ධර්ම දේශනය අද (07) සවස 7.00ට ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් විසින් ධර්ම දේශනාව පවත්වන අතර හෙට (08) දහවල් මහා…

වලසකු පහරදීමෙන් අඹුසැමි යුවළක් රෝහලේ -නිර්වින්දනය කර අල්ලාගත් වලහා ගිරිතලේ කැලයට

දියබෙදුම කෝඳුරුවාව ගම්මානයට ඊයේ (06) අලුයම කඩා වැදුණු වලසෙකු අඹුසැමි යුවළක් හපාකා තුවාල කර ඇති අතර ඔවුන් දෙපළ පොලොන්නරුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව දියබෙදුම පොලිසිය පවසයි. වලසකු හපා කෑමෙන් තුවාල ලබා ඇත්තේ දියබෙදුම කෝඳුරුවාව යාය 31 ගම්මානයේ පදිංචි…

ගජමුතු දෙකක් සමඟ සැකකරුවෙකුට මාංචු

තිස්සමහාරාම පොලිසිය විසින් රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් ගජමුතු දෙකක් සමඟ සැකකරුවෙකු ඉකුත් 04 වැනිදා තිස්සමහාරාම නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු බුත්තල උනාවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වයි.එම්. කුඩා ගොඩගේ මහතාගේ උපදෙස් මත අත්අඩංගුවට…

ගොඩගම පාසල් ගුරුවරියක් නිවසේදී ගෙල වැලලාගෙන

හෝමාගම, ගොඩගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන පාසල් ගුරුවරියක සිය නි‍ෙවසේ කාමරයක ගෙල වැලලාගෙන සිටියදී බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ හෝමාගම, ගොඩගම පදිංචිකාරියක වන හෙනරත් ආරච්චිලාගේ බුද්ධිකා රංගනී යසරත්න…

අතරමැදි පන්තිවලට ළමුන් ඇතුළත් කිරීම අවසන් -අධ්‍යාපන අමාත්‍යාංශය

2024 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට චක්‍රලේඛය අනුව ළමුන් ඇතුළත් කිරීම අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 2024-07-26 දින ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ළමුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කිරීම හෝ නිලධාරීන් ස්ථාන මාරු…

සීෂෙල්ස් මුහුදේ අනතුරට ලක්වූ ලාංකික ධීවරයින් මුදා ගැනේ

සීෂෙල්ස් රාජ්‍යය ආසන්න මුහුදු ප්‍රදේශයේදී අනතුරකට ලක්ව අතරමංව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 9 දෙනා මුදාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් එරට වෙරළාරක්ෂක බලකාය විසින් මුදාගෙන ඇති අතර අදාළ ධීවරයින් පිරිස වික්ටෝරියා වරායට රැගෙන විත් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔවුන්…

අතුරුදන්ව සිටි දුම්රිය සේවකයාගේ සිරුර හමුවෙයි

දින දෙකක කාලයක සිට අතුරුදන්ව සිටි බවට වාර්තා වූ දුම්රිය සේවකයාගේ සිරුර සොයාගෙන තිබෙනවා. ඒ, දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ළිඳක් තුළ තිබී එම මළ සිරුර සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙම සේවකයා 49 හැවිරිදි වියේ පසුවුණා.

2040 දී ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන තත්ත්වය ළඟා කර ගැනීමට කැපවෙනවා

පුනර්ජනනීය බලශක්ති විභවයන් භාවිතයට ගැනීම, කෘෂිකර්මාන්තය නවීකරණය සහ ජල හිඟයට විසඳුම් ලබාදීම වැනි කඩිනම් ක්‍රමවේද ඔස්සේ 2040 වසර වන විට තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහ ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන තත්ත්වය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව…