Category Local News

ඩුබායි නිපුන හාඩ් ඩිස්ක්වල සඟවා එවූ අයිස්

පරිගණක උපාංග (හාඩ් ඩිස්ක්) තුළ රඳවා මෙරටට ගෙන්වූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5ක තොගයක් කටුනායක බහාලුම් පර්යන්තයක තිබී සොයාගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ ද සහය ඇතිව පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී එම අයිස් මත්ද්‍රව්‍ය…

මෙම වසරේ යල කන්නයේ වී වගා ඉලක්කයෙන් ඉහළ ප්‍රගතියක්

මෙම වසරේ යල කන්නයේ වී වගා ඉලක්කයෙන් 88%ක ප්‍රගතියක් ලබා තිබෙනවා. ඒ අනුව මෙම වසරේ යල කන්නයේ වී අස්වැන්න පිළිබඳව පුරෝකථන වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව සඳහන්.…

මේ වසරේ අගෝස්තු වන විට දකුණු කොරියාවට 3694ක්

මේ වර්ෂයේ අගෝස්තු මස වන විට ශ්‍රී ලංකිකයන් 3694 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත. දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවු තවත් ශ්‍රී ලංකිකයන් 100 දෙනෙකු ඊයේ (06) දකුණු කොරියාව බලා පිටත්ව ගියේය. මෙම පිරිස අතරට තරුණියන් 08…

තොරයඩි කලපුවේ සඟවා තිබූ රත්‍රං නාවික හමුදා භාරයට

කල්පිටිය තොරයඩි කලපුවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජාවාරම්කරුවන් විසින් කලපුවේ ගිල්වා තිබූ  රත්‍රං  කිලෝ 04 ග්‍රෑම් 740 ක් අඩංගු ඇසුරුමක් නාවික හමුදා භාරයට ගෙන තිබෙයි. එම රත්‍රං අඩංගු ඇසුරුම ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක්ද තොරයඩි වෙරළ ප්‍රදේශයේ තිබියදී නාවික…

රන්ජන් මඩුගල්ලේ වාර්තා පොත් අතරට

එක්දින තරග 400ක් විනිශ්චය කළ පළමු ICC තරග තීරකවරයා බවට ශ්‍රී ලංකාවේ රන්ජන් මඩුගල්ල අද (07) පත්විය. ඒ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පැවැත්වෙන 3 වන එක්දින තරගයත් සමඟයි. ඔහු 1996 සිට 2019 දක්වා සියලුම ICC ක්‍රිකට් ලෝක කුසලාන…

විවෘත විශ්වවිද්‍යාලයේ නීති සිසුන් ජනපති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් අතර හමුවක් ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, වරාය නගරය, මහබැංකුව,…

තරවටු කළැයි සිත් තැවුලින් දියණිය දිවි නසාගනී

සාස්තරකාරියගේ අනාවැකි විශ්වාස කර ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස මව්පියන් කළ බලකිරීමකට සිත් තැවුලට පත්ව යළි කිසිදිනක සාස්තරකරුවන් පසුපස නොයන ලෙස සහ මළ ගෙදරට එන පිරිසට හොඳින් සංග්‍රහ කරන ලෙස ලිපියක් ලියා 17 හැවිරිදි පාසල් සිසුවියක් පසුගියදා (04) රාත්‍රියේ සිය…

එක්සත් ජනතා නිදහස් සන්ධානය, සජිත් සමඟ ගිවිසුමකට

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහාය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට ගිවිසුම්ගත වීම අද (07) සිදුවුණා. ඒ ගිවිසුම් අත්සන් කිරීම් සිදු කරනු ලැබුවේ නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර…

ජාතික පාසල්වලට පත් කළ ගුරුවරු 462ක් පත්වීම් භාර ගෙන නෑ

ජාතික පාසල්හි ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ලබාදුන් පත්වීම් 1700න් 462ක් භාරගෙන නැති බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය. ජාතික පාසල්හි ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, තාක්ෂණවේදය සහ විදේශ භාෂා සඳහා පැවැති පුරප්පාඩු සඳහා…

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ තවත් සැකකරුවෙක් අල්ලයි

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මෙම ඝාතන සිදුවීම සඳහා අනුබල දුන් අදාළ සැකකරු ඊයේ (06) දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පියසේ දී අත්අඩංගුවට…