Category Local News

දියවඩන නිලමේ ධුරය ගැන මතුව ඇති තත්ත්වය ගැන මහා නාහිමිවරුන්ගෙන් නිවේදනයක්

දියවඩන නිලමේ ධුරය සම්බන්ධයෙන් සිදු කෙරෙන අපහාසාත්මක සංවාද සහ එමඟින් ශ්‍රී දළදා මාළිගාවේ, උභය මහා විහාරයන්ගේ හා සමස්ත බෞද්ධ සමාජයේ ගෞරවයට සිදු වන හානිය පිළිබඳව දැනුවත් කරමින්, මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, පුද්ගලික…

පොලිස්පති ධුරයේ වැඩ බැලීමට ලලිත් පතිනායක පත් කෙරේ

චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගි වීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. පොලිස්පතිවරයා ඊයේ (15) රාත්‍රියේ චීනය බලා පිටත්ව ගොස් ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව, පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා මධ්‍යම පළාත් සහ පොලිස් පරිපාලන අංශය භාර…

කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (18) දිනයේදී පැය 09 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, 18 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 7.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම…

ප්‍රතිදේහ එන්නත් සිද්ධියට කෙහෙළියට අධිචෝදනා භාරදෙයි

පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් පිරිසකට අද (16) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ අධිචෝදනා භාර දී…

රත්නපුර – හොරණ මාර්ගයේ දී බස් රථයක් සහ ලොරි රථයක් ගැටී 15 දෙනෙකුට තුවාල

රත්නපුර – හොරණ ප්‍රධාන මාර්ගයේ එපිටවල ප්‍රදේශයේදී කාර්යාල ප්‍රවාහන සේවා බස් රථයක් සහ ලොරි රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරකින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

GovPay දකුණු පළාතටත්

GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව හා එක්වෙමින් දකුණු පළාත පුරා විහිදී සියළුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල  මාර්ගගත ක්‍රමයට ගෙවීම් පිළිගැනීම ඊයේ (15) ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ  ප්‍රධානත්වයෙත් මාතර දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ දී ආරම්භ විය. ඒ අනුව,…

2025 දෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථිකය 4.9% කින් වර්ධනය වෙයි

පසුගිය කාර්තු 07 ක කාලය තුළ පැවති හිතකර ආර්ථික තත්ත්වයන්ගෙන් ප්‍රතිලාභ ලබමින්, ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවැනි කාර්තුව සඳහා 4.9% ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව, වාහන ආනයන සීමා ඉවත් කිරීමට සාපේක්ෂව අඩු මට්ටමක පැවති පොලී අනුපාත සමඟ,…

සුනිල් වටගලගෙන් CIDයට පැමිණිල්ලක්

තමා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා. ඒ අනුව, අදාළ ප්‍රකාශය නිර්මාණය කළ සහ සමාජ මාධ්‍ය හරහා…

රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක් හඳුන්වා දෙයි

රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක් හඳුන්වා දී ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න පවසනවා. ජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම තම අරමුණ බවත්, ග්‍රාම නිලධාරිවරයා…

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ සභාපතිවරුන් දෙදෙනෙක් පත් කිරීමට අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ සභාපතිවරුන් දෙදෙනෙක් පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස අරුණි රණරාජාගේ නම හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් ලෙස…