Category Local News

ඉන්දියාව සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා අමාත්‍ය මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර…

ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පක්ෂ සමඟ සභා පිහිටුවන්න කටයුතු කරන්නේ නැහැ – ටිල්වින්

ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පක්ෂ හා කණ්ඩායම් සමඟ එක්ව සභා පිහිටුවීමට කටයුතු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. ඒ අනුව, අවශ්‍ය අවස්ථාවලදී ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වූ පුද්ගලයන්ට ජාතික ජන බලවේගයට උදව් කිරීමේ හැකියාව පවතින බවයි…

කෙහෙලිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනී

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (07) අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාල සිසුවාට පහරදුන් සිසුන් 07 දෙනාට ඇප

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්, එම විශ්ව විද්‍යාලයේම සිසුන් 07 දෙනෙකු ඇප මත මුදාහැර තිබෙනවා. එම සිසුන් අද (07) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ…

තවත් නිකුත්වීමට ඇත්තේ පළාත් පාලන ආයතන 100 ක ඡන්ද ප්‍රතිඵල පමණයි

මේ වන විට පළාත් පාලන ආයතන 239 ක ප්‍රතිඵල නිකුත්වී තිබෙනවා. ඒ අනුව තවත් නිකුත්වීමට ඇත්තේ පළාත් පාලන ආයතන 100 ක ඡන්ද ප්‍රතිඵල පමණයි. ප්‍රතිඵල නිකුත් වී ඇති පළාත් පාලන ආයතන අතුරින් පළාත් පාලන ආයතන 186 ක බලය තහවුරු කර…

ජපුර සිසුවාට පහරදුන් සැකකරුවන් 6 ක් අත්අඩංගුවට

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 06 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 22, 23 හා 24 වයස්වල පසුවන සිසුන් පිරිසක් බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව…

පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරයි – තංගල්ල නගර සභාව

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබේ. එළෙස නිකුත් කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි. ජාතික ජන බලවේගය – 2260සමගි ජන බලවේගය – 1397ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 795

පාසල් 35කට හෙටත් නිවාඩු

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් හෙට (07) දිනයේදී ද දිස්ත්‍රික්ක 20ක පාසල් 35ක් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ රාජකීය විද්‍යාලය, ගම්හප දිස්ත්‍රික්කයේ නිට්ටඹුව ශ්‍රී සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය, වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ ජාතික විද්‍යා…

සවස තැනින් තැන ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

ලෝක බැංකු සභාපති හෙට ශ්‍රී ලංකාවට

ලෝක බැංකු සභාපති අජේ බංගාර් මහතා හෙට(06) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. ලෝක බැංකු සභාපතිවරයකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ වසර 20ට පමණ පසුව වීම විශේෂත්වයකි. ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ…