Category Local News

ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ වැඩිවීමක්

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. එසේම, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර,…

තරුණයින් සිව්දෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුරු

අක්කරපත්තුව කල්මුණේ මාර්ගයේ අඩ්ඩාලච්චේන ප්‍රදේශයේදී ඊයේ (27) අක්කරපත්තුව දෙස සිට කල්මුණේ දෙසට ධාවනය වූ ටිපර් රථයක් එම දෙසටම ඉදිරියෙන් ධාවනය වූ යතුරු පැදියක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා.  එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු අක්කරපත්තුව රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර…

දේශබන්දු පොලිස් බලතළ අනිසි ලෙස පාවිච්චි කිරීම සොයා බලන කමිටුව අද රැස්වෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බරපතළ අනිසි අන්දමින් යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත්කළ පරික්ෂණ කමිටුව, අද (28) පස්වරු 2.00ට යළි පාර්ලිමේන්තු සංකීර්ණයේදි රැස්වීමට නියමිත වේ. මෙම කමිටුව පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර දේශබන්දු තෙන්නකෝන් මහතා…

ආබාධ සහිත පුද්ගලයන්ගේ උපකරණ දීමනාව 30,000කින් නංවයි

ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂ ආධාරක උපකරණ මිල දී ගැනීමට රජය මඟින් එක් පුද්ගලයකු සඳහා දෙන ආධාර මුදල රුපියල් 20,000ක සිට රු.50,000 දක්වා වැඩි කර ඇත. රාජ්‍ය නිලධාරීන් සඳහා සංඥා භාෂාව අතිරේක විෂයක් ලෙස ස්ථාපනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම කෙරෙහිද…

ඩිජිටල් ආර්ථික සංවර්ධනය සඳහා ආයතනික රාමුවක්

2025‑01‑27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දැනට ක්‍රියාත්මකව පවතින ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඈවර කර, ඩිජිටල් ආර්ථික අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස අනුමැතිය ලබා දී තිබෙයි. ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්තනය…

සරණ ගුණවර්ධනට එරෙහි නඩුවක් අගෝස්තු 07 කැඳවීමට නියෝග

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව සාවද්‍ය මුදල් පරිහරණය යටතේ ගොනුකර තිබෙන නඩුවක් අද (27) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබෙනවා. එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී, ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ මිනුවන්ගොඩ ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ව්‍යාපෘති…

කෙහෙල්බද්දර පද්මේ නමට ව්‍ය‍ාජ පාස්පොට් සැකසූ නිලධාරියෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන, ඩුබායි හි සැඟව සිටින ‍‍’කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සෑදීමේ චෝදනාව මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. එම නිලධාරියා විසින්…

නොනිදන කොළඹ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

කොළඹ නගරයේ රාත්‍රී කාලයේ සංචාරක කටයුතු නංවාලීමෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් “නොනිදන කොළඹ” නමින් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා. “සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ” (Marine Nights: Awakening Colombo) යන තේමාව යටතේ මෙම වැඩසටහන…

නීති විරෝධීව දේශ සීමා හරහා යාමට උත්සාහ කළ ලාංකිකයන් තිදෙනෙක් ඇල්බේනියාවේදී අත්අඩංගුවට

ව්‍යාජ ලියකියවිලි සමග දේශසීමාව හරහා යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනෙකු ඇල්බේනියාවේ කෝර්සා හිදී දේශසීමා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගේ ගමනාන්තය ඉතාලිය වන බවත්, ඔවුන් ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් ‘කාෆේ තානේ’ දේශසීමා හරහා ගමන් කිරීමට තැත් කර ඇති…

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයකට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නාය යාම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය හා පස්බාගේ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක,…