අනතුරක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ කරිත්තකන්ද ප්‍රදේශයේ ලොරියක් දුම්රිය මාර්ගයට ලිස්සා ගොස් අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිවී තිබෙන අතර, ඒ නිසා කාර්යාල දුම්රිය 05 ක් පමණ ප්‍රමාද වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.













