Category Local News

අසාධාරණයට එරෙහිව ජාත්‍යන්තරයට යාමට හිටපු ජනපති රනිල් සැරසේ

අසාධාරණ ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරගත කිරීමට ආණ්ඩුව දරණ උත්සහාය සම්බන්ධයෙන් ඉදිරියේදී ජාත්‍යන්තරය දැනුවත් කිරීමට පියවර ගන්නා බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී දිවයිනම ආවරණය වන පරිදි ජනතාව දැනුවත් කිරීමට ද පියවර…

පන්නිපිටිය ආසන්නයේ මාරක අනතුරක් – අයෙක් මරුට – තිදෙනෙකුට තුවාල

හයිලෙවල් මාර්ගයේ, පන්නිපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ අද (24) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය. ඉන්ධන පිරවුම්හලේ සිට එක්වරම අපරික්ෂාකාරී ලෙස මාර්ගයට පිවිසීමට උත්සාහ කළ ත්‍රිරෝද රථයක් බේරීමට ගිය…

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය නිසා නොරොච්චෝලේ බලාගාරයත් අවදානමක

ආනයනය කර ඇති ප්‍රමිතියෙන් තොර ගල්අගුරු නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා භාවිතා කිරීම තුළින් එහි ජනන යන්ත්‍රවලට හානි සිදුවිය හැකි බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙතෙක් කාලයක් මීට පෙර ආනයනය කළ ගල්අගුරු ද බලාගාරය සඳහා…

රේගු නිලධාරීන් කළු පටි පැලඳ අද සිට සේවයට

වසර 6ක් තිස්සේ ප්‍රමාද කර ඇති රේගු නිලධාරින්ගේ උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රේගු වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ. සිය ගැටලු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී බලධාරීන් දැනුවත් කළ ද ඊට නිශ්චිත විසඳුම් ලබාදීමට…

පැලට නැගීමට සවිකර තිබූ ඉනිමග කඩා වැටී පුද්ගලයෙකු මරුට

කහටගස්දිගිලිය, කොක්එඹේ ප්‍රදේශයේදී ගසක් මත ඉදිකර තිබූ පැලකට නැගීමට සවිකර තිබූ ඉනිමග කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ පුද්ගලයා ඉනිමග කඩා වැටීමෙන් ඉන් ඇඳ වැටී ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසුව මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ…

තහනම නොතකා වින්ච් දැමූ මාදැල් ධීවරයා අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස වින්ච් යන්ත්‍ර යොදා ගනිමින් මාදැල් කර්මාන්තයේ නිරත වුණු ධීවරයෙකු අදාළ වින්ච් යන්ත්‍ර සවිකළ ට්‍රැක්ටර් රථ දෙකක්ද සමගින් අත්අඩංගුවට ගෙන තිබේ. මග්ගොන කුඩාව ධීවර වරාය ආසන්නයේ මෙලෙස වින්ච් යන්ත්‍ර යොදාගෙන මාදැල් ඇදීමේ කටයුතුවල නිරතවෙමින් සිටියදී කළුතර ධීවර පරීක්‍ෂක කාර්යාලයේ…

ඉන්දීය ධීවරයින් 12ක් නාවික හමුදා භාරයට

දේශ සීමා නීති උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රාවක්, මන්නාරම මුහුදේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ. එමෙන්ම එම ධීවර යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයින් 12දෙනෙකුද නාවික හමුදාව සිය භාරයට ගෙන ඇත. මන්නාරමට දකුණු දෙසින්…

රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය අවසන් කර තැපෑලට යොමු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. තවත් රියදුරු බලපත්‍ර ලක්ෂයක තොගයක් මුද්‍රණය කිරීමට පවතින බවයි එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ සඳහන් කළේ. ඒ අනුව වේරහැර, අනුරාධපුර හා මාතර…

වැලිගම W15 හෝටලයේ වෙඩි තැබීමට හිටපු IP ජගත් නිශාන්ත අත්අඩංගුවට

හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත, විදේශගතව සිට මෙරටට පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි වැලිගම W15 හෝටලයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු වන මොහුව මෙසේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරයි. 2023 වසරේ දෙසැම්බර් 31වනදා සිදු…

දුම්රිය හරස් මාර්ග අළුත්වැඩියාවක් නිසා හයිලෙවෙල් මාර්ගයේ රිය ධාවනයට බාධා විය හැකියි

කැළණිවැලි දුම්රිය මාර්ගයේ පුවක්පිටිය හා අවිස්සාවේල්ල අතර සැතපුම් 35 දම්වැල් 30 කිරිවන්දල ස්ථානය අසල හයිලෙවල් මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය අළුත්වැඩියා කටයුතු සිදුකිරීම හේතුවෙන් මාර්තු මාසයේ 05 වනදා සිට 08 වැනිදා දක්වා හයිලෙවෙල් මාර්ගයේ  ප්‍රධාන දුම්රිය හරස් මාර්ගය අසල මාර්ගය තාවකාලික…