Category Local News

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ඌව පළාතේ ද, අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත…

තලාවේ බස් අනතුරකින් පාසල් සිසුන් ඇතුළු පිරිසක් රෝහල්ගත කෙරේ

අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරෙන්, පාසල් සිසුන් ඇතුළු පිරිසක් රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පුද්ගලයින් 25 කට වැඩි පිරිසක් තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවත්, තුවාල ලැබූවන්…

බන්ධනාගාරගතව සිටින රැඳවියෙක් ජංගම දුරකථනය භාවිතා කරමින් හැසිරෙන වීඩියෝව ගැන විමර්ශනයක්

සංවිධානාත්මක අපරාධකරුවෙක් බව කියන රැඳවියෙක් බන්ධනාගාරයක් තුළ ජංගම දුරකථනය භාවිත කරමින්, සුව පහසු ලෙස රැඳී සිටින ආකාරය දැක්වෙන, සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ පටය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. අදාළ රැඳවියා සිය ජංගම දුරකථනය නරඹමින්, මත්ද්‍රව්‍ය…

විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහි පැමිණිල්ලක් ජනවාරි 19 වැනිදා කැඳවීමට නියෝග

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් වැඩිදුර විභාගය සඳහා ජනවාරි මස 19 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. මෙම පැමිණිල්ල අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම…

පොලිසියේ විශේෂ මෙහෙයුම් යටතේ ඊ​යේ දිනයේදී පුද්ගලයින් 32,401 ක් පරීක්ෂාවට ලක් කෙරේ

අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (09) දිනයේදී පුද්ගලයන් 32,401 ක් පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිසිය පවසනවා. එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයන් 32 ක් හඳුනාගෙන ඇති අතර, සැකපිට පුද්ගලයන් 755 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.…

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමට පැමිණෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියක් අද (10) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා. මුදල් විශුද්ධිකරණය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔවුන්…

ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂණ සමුළුව 12 වැනිදා ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වේ

ශ්‍රී ලංකාවේ 16 වන සයිබර් ආරක්ෂණ සමුළුව නොවැම්බර් 12 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. “ශ්‍රී ලංකාව සඳහා වඩාත් විශ්වාසදායී සයිබර් ආරක්ෂණ පරිසරයක් නිර්මාණය කිරීම” යන්න මෙවර සමුළුවේ තේමාව වී ඇති බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කළේ.…

දිවයින පුරා ගොවි වර්ජනයක්!

10 දින දීපව්‍යාප්ත ගොවි වර්ජනයක් ආරම්භ කිරීමට ගොවි හඬ සංවිධානය තීරණය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ දිවයින පුරා ගොවිබිම්වල වගා කිරීම්, ප්‍රවාහන සහ වෙළඳාම් ඇතුළු සියලු කටයුතුවලින් හෙට දිනයේ ඉවත් වන බවයි. පසුගිය සමයේ ලොකු ලූනු ගොවීන් මෙන්ම අල ගොවීන් ද…

කොටහේනේ වෙඩික්කරු 18 හැවිරිදි තරුණයෙක්

කොටහේන 16 වන පටුමගේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ. ඔහු කොටහේන ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි…

පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ගැන අගමැති කරුණු පහදයි

ලිංගික අපචාර සහ පීඩනවලින් වැළකී සිටීම සඳහා වයසට සුදුසු පරිදි ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් දරුවන් වෙත ඉදිරිපත් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. මහනුවරදී පැවති වැඩසටහනක් අමතමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ ඒ සඳහා සැලසුම් සකස් කිරීම විශේෂඥයින්ගේ නිර්දේශ සහ උපදෙස්…