Category Local News

ගුවන් පාර්සල් ප්‍රමා­දයි

විවිධ රට­ව­ලට ගුවන් මඟින් භාණ්ඩ යැවීමේ කට­යුතු මැද­පෙ­ර­දිග කලා­පයේ පව­තින යුද­මය තත්ත්වය හේතු­වෙන් ප්‍රමාද විය හැකි බව අධි­කාරී (ජාත්‍ය­න්තර තැපැල්) සම­න්මලී පෙරේරා මහ­ත්මිය පැව­සු­වාය. පසු­ගිය සිකු­රාදා සහ සෙන­සු­රාදා භාර­ගත් භාණ්ඩ කිහි­ප­යක් මේ වන­වි­ටත් යැවී­මට හැකි­යා­වක් නොලැ­බුණු බව ද ඒ මහ­ත්මිය…

ඉන්ධන පෝලිම් අව­සන්

මැද පෙර­දිග යුද ගැටුම් හේතු­වෙන් මෙරට ඉන්ධන හිඟ­යක් ඇති වෙතැයි බියෙන් වාහන හිමි­යන් විසින් තම වාහන ද රැඟෙන පිර­වු­ම්හල් ආශ්‍රි­තව ඇති කර තිබූ දිගු පෝලීම් ඊයේ (03) උදෑ­සන වන විට සම්පූ­ර්ණ­යෙන්ම අව­සන් ව තිබිණි. රජය දිගින් දිග­ටම ඉන්ධන හිඟ­යක් නැතැයි…

යුද්ධය නිසා සංචාරක කර්මාන්තයෙන් සතියකදී මෙරටට ඩොලර් මිලියන 12කට ආසන්න පාඩුවක්

මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති තත්ත්වය හේතුවෙන් විදෙස් සංචාරකයනි්ගේ පැමිණීම අඩුවීම නිසා සතියකට අමෙරිකානු ඩොලර් මිලියන 10ත් 12ත් අතර පාඩුවක් සිදුවනු ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ කියා සිටියා. මේ අතර, සීමිත කාලසීමවක් සඳහා මැද පෙරදිග ගුවන් කලාපය විවෘත වන…

ගාල්ල වරායට නුදුරින් ඉරාන නෞකාවක් අනතුරට

ගාල්ල වරායට සැතපුම් 40ක දුරින් ඉරාන නෞකාවක් අනතුරට ලක්වී තිබේ. එහි සිටින පිරිස මුදාගැනීමට මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රා එම ස්ථානයට ළඟාවෙමින් පවතින බව වාර්තා වේ. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටින…

පාසල් බස් රථයක් සහ ලොරියක් අනතුරක – 120 මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

කොළඹ පිළියන්ලද මාර්ගයේ රත්තනපිටිය ප්‍රදේශයේ සිදුවු වූ රිය අනතුරක් හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි.  කුඩා ලොරි රථයක් සහ පාසැල් බස් රථයක් අනතුරට ලක්ව ඇති අතර අනතුරුව මාර්ගය අසල විදුලි කණුවක ගැටී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන්…

කපා කොටා ඝාතනය කළ සිරුර ත්‍රීරෝද රථයක් තුළ තිබී සොයාගනී

කැපුම් තුවාල සහ පහරදීම් සිදුකර ඝාතනය කර ඇතැයි සැකකෙරෙන පුද්ගලයෙකුගේ සිරුරක් මොරටුව ගාලු පාර ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක තිබී සොයාගෙන තිබේ. ගාලු පාරේ, කුරුස හන්දියේ සිට මොරටුව දෙසට වන්නට ඇති වීර පුරන්නපු විදුහල ඉදිරිපිට මාර්ගය පසෙක නවතා තිබී ඇති මෙම ත්‍රීරෝද…

මතභේදයට තුඩුදුන් ගල්අඟුරු නැව් 9 පිළිබඳ PUCSL වාර්තාව භාරදෙයි

මතභේදාත්මක ගල්අඟුරු නැව් 9 පිළිබඳ මහජන උපයෝගීතා කොමිසමේ වාර්තාව යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවට භාරදී තිබේ. එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව මඟින් අඩු ගුණාත්මක ගල්අඟුරු භාවිතයෙන් විදුලි බලය නිෂ්පාදනය කිරීම හේතුවෙන් සිදු වූ…

කළුතර දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය ඉදිරිපිට ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක්

කළුතර දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය ඉදිරිපිට විදුලි ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක් හට ගෙන ඇතැයි අද දෙරණ වාර්තාකරු පැවසීය. ගින්න විනාඩි 20ක පමණ කාලයක් පැවතී ඇති අතර, එමඟින් ට්‍රාන්ස්ෆෝමරයේ කොටසකට හානි සිදුව තිබේ. පසුව කළුතර මහ නගර සභාවේ ගිනිනිවන ඒකකය සහ ලෙකෝ සේවකයින් පැමිණ…

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය අහිතකර මට්ටමට

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. කොලොන්නාව, කෝට්ටේ, කෑගල්ල සහ ගාල්ල යන ප්‍රදේශවල මෙලෙස වායු ගුණාත්මකභාවය පහත වැටී ඇති බවයි සඳහන් වන්නේ. මේ හේතුවෙන් ශ්වසන අපහසුතා ඇති පුද්ගලයන් සැලකිලිමත් වන ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

දෙමටගොඩ රුවන්ට ඇප ලබාදීමට උපකාර කිරීම සඳහා රුපියල් ලක්ෂ 150 ක අල්ලසක් ගත් සිද්ධියේ සැකකරුවකු ලෙස දුමින්ද සිල්වා නම් කරයි

අයථා ලෙස වත්කම් ඉපැයීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘දෙමටගොඩ රුවන්’ නමැති සැකකරුට ඇප ලබා දීම සඳහා අවශ්‍ය උපකාර කිරීමට රුපියල් ලක්ෂ 150 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියකට අදාළව ඉදිරිපත්…