Category Local News

වරකාපොළ – කරවනැල්ල පාර නියදුරුපොළින් අවහිර වෙයි

වරකාපොල – කරවනැල්ල ප්‍රධාන මාර්ගයේ නියදුරුපොළ ප්‍රදේශයේ මාර්ගයට අද (29) පස්වරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් ප්‍රදේශයෙන් මාර්ගය මේ වනවිට සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ. මේ හේතුවෙන් මෙම මාර්ගය භාවිතා කරන්නන් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි උපදෙස් ලැබි ඇත.

කොලොන්නාව, කඩුවෙල, සීතාවක සහ කොළඹ ජලගැලීම් ඉහළට

ඉදිරි පැය කිහිපයේ දී කොලොන්නාව, කඩුවෙල, සීතාවක, කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංවතුර තත්ත්වය ඉහළ යා හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පවසයි. ඒ අනුව එම ප්‍රදේශවලින් ඉවත් නොවී නිවාසවල තවමත් රැදී…

මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා ජන ජීවිතයට…

කොළඹ ජල සැපයුම ගැන නිවේනදයක්

කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරයේ කටයුතුවලට බලපෑම් එල්ලවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පැවසුවේ, අඹතලේ ජල පවිත්‍රාගාරයේ නිසා ආකාරව ක්‍රියා කිරීමේ ගැටලු මතුවුවහොත් කොළඹ…

අලවතුගොඩ නායයෑමක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමඟ අලවතුගොඩ පොලිස් වසමේ අංකුඹුර ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ, අංකුඹුර – අලවතුගොඩ මාර්ගයේ රඹුක්ඇළ ප්‍රදේශයේ නායයෑම සිදුව ඇති බවය. නායයෑමෙන් පුද්ගලයින් අවතැන්වීම් හා ජීවිත හානි වාර්තා වී ඇති අතර, මෙතෙක් ඒ පිළිබඳ නිශ්චිත…

වහල මත සිටි මගීන් 34 දෙනෙකු බේරාගෙන රෝහල්ගත කෙරේ

අනුරාධපුර – පුත්තලම මාර්ගයේ කලා ඔය පාලම මත සැඩ පහරට හසුවූ බස් රථයේ සිට පසුව වහලක් මතට නැඟ සිටි පිරිසෙන් පුද්ගලයින් 34 දෙනෙකු මේ වනවිට ආරක්ෂක අංශ විසින් මුදාගෙන තිබේ. ‘අද දෙරණ’ වාර්තාකරු පැවසුවේ මේ වනවිට එම පිරිස නොච්චියාගම ප්‍රාදේශීය…

සියලූම බන්ධනාගාර නිලධාරීන්ට දැනුම්දීමක්

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සේවා ස්ථානයන්ට පැමිණීමට අපහසු වී ඇති බන්ධනාගාර නිලධාරීන් වහාම ආසන්තම බන්ධනාගාරයට වාර්තා කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම්දෙයි. බන්ධනාගාරවල ආරක්ෂක කටයුතු සඳහා මේ වනවිට බාධා එල්ල වී ඇති බැවින් මෙම තීරණය ගත් බව ඒ…

මහ ඔය ද්‍රෝණිය සඳහා ගංවතුර අධි අවදානම් නිවේදනයක් නිකුත් කෙරේ

මහ ඔය ද්‍රෝණිය සඳහා ගංවතුර අධි අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහ ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය 24ක කාලය තුළ දැඩි වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවයි සඳහන් වෙන්නේ. මහ ඔය නිම්නයේ පහත්බිම්වලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි…

ආපදාවන් නිසා පුද්ගලයින් 69 දෙනෙක් මිය ගොස්, තවත් 34 දෙනෙක් අතුරුදන් – ආපදා කළමණාකරන මධ්‍යස්ථානය

මෙරටට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳ සවිස්තර තත්ත්ව වාර්තාවක් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා. එම වාර්තාවට අනුව ඊයේ (28) දිනයේ පස්වරු 6.00 දක්වා තොරතුරු දක්වා ඇති අතර, සිදවූ ආපදාවන් නිසා නොවැම්බර් 11 සිට ඊයේ දක්වා පුද්ගලයින් 69 දෙනෙක්…

දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට මෙරට විපතට පත් ජනතාව වෙත උපකාර කිරීමට විශේෂ බැංකු ගිණුම් අංක නිකුත් කෙරේ

ශ්‍රී ලංකාවේ වත්මන් ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා දායකවීමට කැමති, විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශිකයන් සඳහා, එම ආධාර මුදල් බැර කිරීම සඳහා විශේෂ බැංකු ගිණුම් අංක කිහිපයක් නිකුත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.…