Category Local News

පළමු වසර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය අධික්ෂණය කිරීමට පියවර

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2027 ආරම්භ කිරීමට සූදානම් බවත්, පළමු වසර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය අධික්ෂණය කිරීමට පියවර ගෙන ඇති බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුවේදී අවධාරණය කෙරිණ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුව මාර්තු 17 දින පාර්ලිමේන්තුවේදී…

ඉතාලිය පෙන්වා මුදල් ගැරූ කතක් දැලේ

ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 26ක් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් පසුගියදා (14) අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගෙන පොරොන්දු…

මාස 5කදී විදේශ රැකියා වින්දිතයින්ට ලක්ෂ 1945ක් යළි අය කර දෙයි – විදේශ සේවා නියුක්ති කාර්යාංශය

පසුගිය වසරේ ඔක්තොම්බර් සිට 2026 වසරේ පෙබරවාරි දක්වා ගෙවුණු මාස 5 තුළ විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිතායතනවලට එරෙහිව නඩු පවරා වින්දිතයින්ට රුපියල් ලක්ෂ 1945කට අධික මුදලක් යළි අයකර දීමට කටයුතු කළ බව ශ්‍රී…

බ්‍රිතාන්‍ය ගුවන් සමාගම ශ්‍රී ලංකාව සමග යළි ගුවන් ගමන් අරඹයි

එළැඹෙන ශීත සෘතුව වෙනුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සමාගම ශ්‍රී ලංකාව බලා ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර තිබේ. ඒ අනුව සතියට තුන්වතාවක් ලන්ඩන් ගැට්වික් ගුවන්තොටුපොළේ සිට මෙරට බලා 2026 ඔක්තෝබර් 23 දින සිට සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලැබෙයි. මෙම ගුවන්ගමන්…

ගුවන් සේවාව අඛණ්ඩව පවත්වා ගැනීමට විශේෂ සාකච්ඡාවක්

යුධමය වාතාවරණය හේතුවෙන් උද්ගතව ඇති තෙල් අර්බුදය හමුවේ ගුවන් සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (17) පැවැත්වුණි. වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සිවිල් ගුවන්සේවා අධිකාරිය පරිශ්‍රයේදී…

බස්නාහිර පළාත තුළ අපරාධ මැඩලීමට නව වට්ස්ඇප් අංකයක්

බස්නාහිර පළාත තුළ අපරාධ මර්ධනය කිරීම අරමුණු කරගනිමින් තොරතුරු ලබාදීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක නව වට්ස්ඇප් දුරකථන අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී තිබේ. බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත බස්නාහිර පළාත තුළ සිදුවන…

2025දී ආර්ථික වර්ධනය 5%ක්

2025 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සියයට 5ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය වසරේ ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර තුනම වර්ධනයක් පෙන්නුම් කරන බවය. එහිදී කැපී පෙනෙන වර්ධනයක් කර්මාන්ත…

බදාදා දුම්රිය කාලසටහන් ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

පවතින තත්ත්වය මත රජය විසින් සෑම බදාදා දිනකම විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති බැවින් එදිනට ක්‍රියාත්මක වන දුම්රිය ධාවනය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය, කැලණිවැලි මාර්ගය, පුත්තලම, මඩකලපුව/ ත්‍රිකුණාමල…

අද බස් ධාවනය අවශ්‍යතාව අනුව – දුම්රිය ධාවනයෙත් වෙනසක්

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගනිමින් ඊට මුහුණ දීම සඳහා අද (18) සිට සෑම සතියකම බදදා දිනවල රජයේ සේවකයින්ට නැවත දැනුම්දෙන තුරු නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබේ. අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසුවේ මෙම  නිවාඩුව…

එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු TH-57 Sea Ranger හෙලිකොප්ටර් යානා 10ක් ශ්‍රී ලංකාව බලා පිටත්වේ

ඇමරිකා එක්සත් ජනපදය විසින් පරිත්‍යාග කරන ලද TH-57 Sea Ranger හෙලිකොප්ටර් යානා 10ක් 2026 මාර්තු 15 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා හි Port Mobile සිට ශ්‍රී ලංකාව බලා පිටත් වූ අතර 2026 මැයි 24 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට…