Category Local News

මාවිල්ආරු ජලාශයේ බැම්ම බිඳී යයි

මාවිල්ආර ජලාශයේ බැම්ම ස්ථාන කිහිපයකින් බිඳී ගොස් ඇතැයි අද දෙරණ වාර්තාකරු පැවසීය. මේ හේතුවෙන් ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමුවෙන ලෙසට දැනුම් දී ඇත. මේ අතර සේරුවාවිල රජමහා විහාරය ආරක්ෂිත ස්ථානයක් ලෙසට නම් කර ඇතැයි ද වාර්තා වේ.

ආපදාවෙන් විනාශයට පත් ස්ථාන නැරඹීමට පැමිණීමෙන් වළකින්න

දිවයිනට බලපා තිබෙන හදිසි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විනාශ වූ සියලු මාර්ග සහ පාලම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ සියලු කටයුතු මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ මෙලෙස විනාශ වූ ස්ථාන නැරඹීමට අවට මහජනතාව විශාල…

අද උදෑසන 9.30 වන විට ප්‍රධාන ගංගාවල ජල මට්ටම

අද (30) උදෑසන 9.30 වන විට දිවයින පුරා ප්‍රධාන ගංගාවල ජල මට්ටම සහ වර්ෂාපතන තත්ත්වය පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 වන විට කැලණි ගඟේ නාගලගම්වීදිය ජල මාපකයේ අගය අඩි 7.20 ක් ලෙස…

නාය යෑමේ අවදානම තවදුරටත් පවතිනවා – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පැවති වර්ෂාපතනයේ අඩුවීමක් සිදු වුව ද මෙතෙක් නාය යෑමේ අවදානම පහව ගොස් නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව පැවති වර්ෂා සහිත කාලගුණයත් සමඟ පස සංතෘප්ත වී උපරිම අවස්ථාවට පැමිණ ඇති නිසා,…

කොටුගොඩ උප විදුලිපොළ තාවකාලිකව ක්‍රියා විරහිත කෙරේ

කොටුගොඩ උප විදුලිපොළ තාවකාලිකව ක්‍රියා විරහිත කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගංවතුර තත්ත්වය ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අද දිනයේ දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනයට

පවතින අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ අද (30) දිනයේ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ, පුත්තලම දුම්රිය මාර්ගයේ සහ කැලණිවැලි දුම්රිය මාර්ගයේ මෙලෙස දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා. අදාළ දුම්රියන් පහතින්. මුහුදුබඩ දුම්රිය…

ගුවන් තොටුපළට පැමිණෙන මගීන් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය භාවිතා කරන ලෙස දැනුම් දීමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ග කිහිපයකට තවදුරටත් ගංවතුරෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තවදුරටත් භාවිතා කරන ලෙසයි ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම දැනුම්…

කැලණි ගඟ ආශ්‍රිත ජනතාවට යා හැකි සුරක්ෂිත මධ්‍යස්ථාන

කැලණි ගඟ පිටාර ගැලීමත් සමග ඉවත් කරන ජනතාව රඳවා තැබීම සඳහා සුරක්ෂිත මධ්‍යස්ථාන රැසක් පිහිටුවා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ පවසනවා. ඒ අනුව ඉවත්වීමේ සහ අවධානම් නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව  එම මධ්‍යස්ථානවලට යොමුවී ආරක්ෂිතව රැඳී සිටින…

අඹතලේ වේල්ල පිටාර ගැලීම ආරම්භ වෙයි, ඉවත්වන ලෙස දැනුම්දීමක්

අඹතලේ වේල්ල පිටාර ගැලීම ආරම්භවී ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා. ඒ අනුව මාලඹේ – කඩුවෙල පහත් බිම්  ජනතාවට වහා ඉවත් වන ලෙසයි කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

කඩුවෙල‍, මාලඹේ‍, බත්තරමුල්ල ප්‍රදේශවල පහත්බිම්වල ජනතාව වහාම ඉවත්වන්න

කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ පවසනවා. මේ හේතුවෙන් කඩුවෙල – මාලඹේ, අතුරුගිරිය – මාලඹේ, මාලඹේ සිට බත්තරමුල්ල දක්වා මාර්ගවල පහත් බිම්වල ජනතාව ඉන් ඉවත් වන ලෙසයි කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා දැනුම් දෙන්නේ.…