Category Local News

රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට

රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. වැල්ලවත්ත පොලිසියට භාර වීමෙන් අනතුරුවයි ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

විශේෂඥ වෛද්‍ය ඒකක 164ක සේවා අඩාලයි

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සියලු‍ විශේෂඥ වෛද්‍යවරුන් ආවරණ රාජකාරීවලින් ඉවත්වීමත් සමග දිවයින පුරා විශේෂඥ වෛද්‍ය ඒකක 164ක සේවා අඩාල වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමය දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව මෙම තීරණය ගෙන ඇති අතර,…

විදුලිබල මණ්ඩලය ඈවර කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ. ඒ අනුව මෙම මස අවසානය වන විට ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තා වේ. ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩපිළිවෙළ අදියර…

මාරක අනතුරු කිහිපයක් – ජීවිත 6ක් අහිමි වෙයි

දිවයින පුරා ස්ථාන කිහිපයකදී සිදුවු අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. අද (03) අලුයම දඹුල්ල හබරණ මාර්ගයේ ඉනාමළුව ප්‍රදේශයේදී ස්විස් හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක්…

හොරණ – කොළඹ ප්‍රයිවට් බස් වර්ජනය අද දෙවන දිනටත්

හොරණ සිට 120 බස් මාර්ගයේ කහතුඩුව පිවිසුමෙන් ඇතුළත් කර පිටකොටුව බලා ධාවනය වන බස් රථයක් සඳහා නව ප්‍රවාහන බලපත්‍රයක් ලබාදීමට එරෙහිව ඊයේ (02) දින උදෑසන ආරම්භ කළ හොරණ – කොළඹ මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ…

ශිරන්ති රාජපක්ෂ FCIDයට එයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට මීට සුළු වේලාවට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණ තිබේ.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (03) පෙ.ව. 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති බවත්, පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු…

ශිරන්ති රාජපක්ෂ අද FCID වෙත කැඳවයි, නාමල් රාජපක්ෂ CID වෙත කැඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට අද (03) පෙරවරු 9.30 ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව, ඇයට මීට පෙර පසුගිය 27 වැනිදා ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ…

කෙහෙළියගේ ඥාති සහෝදරයෙක් වන බණ්ඩාර රඹුක්වැල්ල අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, මුදල් විශුද්ධි කරන චෝදනා මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අද කාලගුණ නිවේදනය

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…