Category Local News

මත්ද්‍රව්‍ය සහ මත්පෙති තොගයක් සමග ‘පොට්ට අමිල’ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන ‘පොට්ට අමිල’ සහ ඔහුගේ සමීපතමයන් තිදෙනෙකු මොරගහහේන පොලීසිය විසින් අද (21) දහවල් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබූ මත්පෙති 5,300ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 15,000ක් ද පොලීසිය යොයාගෙන ඇති අතර, ඒවායේ…

විදුලිබල සේවකයන්ගේ තීරණය හෙට

හෙට (22) පස්වරු දෙකට කොළඹදී රැස්වී වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කරන බව විදුලි ඉංජිනේරු සහ අධිකාරීවරුන්ගේ සංගමයේ සභාපති එන්.පී.එස්. සම්පත් පවසනවා. ඒ අනුව වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ වී සිටින සියලුම වෘත්තීය සමිති ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගයන් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා…

ලංගම කොන්දොස්තරවරයෙකුට පහරදීමක්

කොළඹ සිට කතරගම දක්වා ගමන්ගත් ලංගම බස් රථයක කොන්දොස්තරවරයෙකුට ගාල්ල නගරයේ දී අද (21) පෙරවරුවේ පහරදීමක් සිදුව ඇත. කටුබැද්ද ඩිපෝවට අයත් මෙම බස්රථය කළුතර නගරයේ දී කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඉස්සර කර තිබේ. ඊට උරණ…

අයිස් මත්ද්‍රව්‍ය නිපද වූ බවට සැකකරන ස්ථානයක් වටලා මෝල්ටා ජාතිකයෙක් අත්අඩංගුවට

වැලිගම ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා කළ බවට සැක කෙරෙන ස්ථානයක් වටලා විදෙස් ජාතික පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදි  මෝල්ටා ජාතිකයෙකු බව සඳහන් වේ. එම ස්ථානයේ තිබී මෙතම්ෆෙටමින් (අයිස්) නිෂ්පාදනය සඳහා භාවිතා කළ බවට…

නෙටොල්පිටියෙන් සොයාගත් ද්‍රව්‍යවල පරීක්ෂණ වාර්තාව ලබන සතියේ

තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබි සොයා ගත් ද්‍රව්‍යවල පරීක්ෂණ වාර්තාව ලබන සතියේ පොලිසිය වෙත නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ අදාළ ද්‍රව්‍යවල පරීක්ෂණ කටයතු මේ වන විට අවසන් අදියරේ පවතින බවය. ඉන්දුනීසියාවේදී…

සහල් සම්බන්ධ වැටලීම් අඛණ්ඩව

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය සතිය තුළ පමණක් සහල් සම්බන්ධ වැටලීම් 70ක් සිදුකර ඇති බව එම අධිකාරිය පවසනවා. ඊට සහල් අලෙවි කිරීම පිළිබඳ වැටලීම් 55ක්ද, අනෙකුත් වැටලීම් 15ක්ද  වන බවයි එම අධිකාරීය සඳහන් කළේ. සහල් සඟවා තබා ගැනීම, මිල…

ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ ඉහළ යාමක්

රට තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ වැඩිවීමක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසයි. මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේ වසරේ ගතවූ කාලය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු 743 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි. ඒ අතරින්…

ජනපති හෙට ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත් වේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (22) රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීමට නියමිත අතර, (24) බදාදා එරට වේලාවෙන් ප.ව 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට…

කලුතර ‍රෝහලේ මැර තර්ජනය ගැන GMOA අනතුරු අඟවයි

කලුතර නාගොඩ රෝහ‌ලේ වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ලයට මැර තර්ජන එල්ල කළ පිරිස වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර නොගතහොත් හෙට (22) දිනයේදී වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා. එම වෛද්‍යවරුන් ඇතුළුව සමස්ථ කාර්ය…

වෑන් රථයක ගැටී කතක් මියයයි

නව නුවර මාර්ගයේ දි මාර්ගය හරහා ගමන් කළ කාන්තාවක් වෑන් රථයක ගැටී මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (20) දින සවස් කාලයේ වැලිවේරිය පොලිස් වසමේ නව නුවර මාර්ගයේ ජයන්ති මාවත හන්දිය ආසන්නයේදී බැලුම්මහර දෙස සිට වැලිවේරිය දෙසට ධාවනය වූ…