Category Local News

හෙන්රි ස්ටීල් ඕල්කට් 118 වැනි ගුණ සමරුව ⁣අද

හෙන්රි ස්ටිල් ඕල්කට්තුමාගේ 118 වැනි ගුණ සමරුව ⁣අද (17) සවස 3.00ට කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඕල්කට් පිළිරුව අසල දී පැවැත්වෙන බව පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ වැඩ බලන සම ලේකම් හරින්ද්‍ර වැලිවිට මහතා පවසයි. පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ සභාපති සනත් වීරසේකර මහතා…

ලුණුගම්වෙහෙර-කොළඹ බසය පානදුරදී කරණම් ගසයි

ලුණුගම්වෙහෙර සිට කොළඹ බලා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී බස් රථයක් පෙරේදා (15) අලුයම පානදුර මගී ගුවන් පාලම යට පෙරළී යෑමෙන් තිදෙනකු රෝහල්ගත කර ඇති බව පානදුර දකුණ පොලීසිය පැවසීය. මෙසේ රෝහල්ගත කර ඇත්තේ බසයේ ගමන්ගත් අඹුසැමි යුවළක් සහ තවත් පුද්ගලයකු…

හෙට අපි ඉදිරිපත් කරන්නේ දුප්පතුන් වෙනුවෙන් වූ අයවැයක් – අගමැති හරිනි

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අරලගංවිල මහවැලි රංග ශාලාවේ පසුගියදා(14) පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය…

අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට

2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) ජනාධිපති ලේකම් කාර්යාලයේදී  නිරීක්ෂණය කළේය. මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්විය.

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලින් තවත් ලාංකිකයන් 13ක් බේරා ගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබේ. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙක් බව වාර්තාවේ. ඔවුන් වයස අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩයේ පසුවෙන…

පෙබ. 14වැනිදා වනවිට ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 370,000 ඉක්මවා යයි

මේ වසරේ පෙබරවාරී මාසයේ මුල් දින දා හතර තුළ විදේශීය සංචාරකයන් එක්ලක්ෂ පහළොස් දහස් හතලිස් තුන් දෙනෙකු- දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ. ඒ අනුව, මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට පෙබරවාරි 14 වැනිදා දක්වා පැමිණ තිබෙන සමස්ත සංචාරකයන්ගේ සංඛ්‍යාව…

කෝපායි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ 25වන සැමරුමට පැමිණි අගමැතිතුමියට ලැබුණු පිළිගැනීම

සමස්ත දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ ගුරුවරුන්ගේ ආකල්ප සහ ක්‍රියා කලාපයන් තුළ බවත්, ගුරු – ශිෂ්‍ය සබඳතාවය ගුණාත්මක තත්ත්වයක තිබිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. යාපනය, කෝපායි හි පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ 25 වන සැමරුමට සහභාගී වෙමින් ඊයේ…

නොරොච්චෝලේ අක්‍රිය වූ ජනන යන්ත්‍රවල අලුත්ම තත්ත්වය මෙන්න

දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිදවැටීමත් සමග අක්‍රීය වූ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ සියලු ජනන යන්ත්‍ර යථා තත්ත්වයට පත්කර තිබේ. ඒ අනුව ජනන යන්ත්‍ර 02 ක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට එක්කර ඇති අතර, අවශ්‍යතාව මත අනෙක් ජනන යන්ත්‍රයද…

කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම මෙන්න – කැනඩා කතක් මාට්ටු

කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම සිදු කරමින් , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් රුපියල් කෝටි තිස් හයක් වටිනා “හෂීස් ” මත්ද්‍රව්‍ය  තොගයක් සමග විදේශික ගුවන් මගී කාන්තාවක් අත් අඩංගුවට ගෙන ඇත. ඊයේ (15) මෙම අත්අඩංගුවට ගැනීම…

අනුරපුර පූජා නගරයට සැප බස් සේවයක්

අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂිත සුඛෝපභෝගි බස් රථ සේවාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි උතුරුමැද ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා පැවසීය. එම බස් රථ සේවාව නගරයේ සිට පූජා නගරය තුළ පමණක් ධාවනය කිරීමට පියවර ගනු ඇත. වන්දනාකරුවන් විසින් දීර්ඝ කාලයක්…