Category Local News

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට අද (20) පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සබරගමු පළාත, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට මිලිමීටර 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.…

පොලිස් නිලධාරින් 40% කට බෝ නොවන රෝග – වැඩබලන පොලිස්පතිගෙන් හෙළිදරව්වක්

පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමක් ලබන වසරේදී සිදුවිය හැකි බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ගේ දරුවන් වෙත පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය. “පොලිස් නිලධාරීන්ගේ නිලධරයන් බැලුවොත් 20%ක් 40%ක් බෝ…

වසරේ මේ දක්වා රුපියලේ අවප්‍රමාණය 3% ක්

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (18) දිනය වන විට 3% ක අවප්‍රමාණයක් පෙන්වා තිබෙනවා. ගතවූ සතිය තුළ, ප්‍රාථමික වෙළඳපොලේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර අනුපාත සුළු වශයෙන් වැඩි වූ අතර ද්විතීයික වෙළඳපොළ අනුපාත පුළුල් ලෙස ස්ථාවරව පැවතියා. විදේශ ආයෝජකයින්…

තලවතුගොඩ වෙඩි තැබීමක්

තලංගම පොලිස් වසමේ තලවතුගොඩ පිහිටි සාමාජ ශාලාවකින් පිටතටදී අද (19) අලුයම ව්‍යාපාරිකයෙකු හා සුරාබදු නිලධාරියෙකු තර ඇති වූ බහින් බස්වීමක් දුර දිග යාම හේතුවෙන් ඇති වූ ආරවුලක් නිසා ව්‍යාපාරිකයා විසින් තමා සතුව තිබූ බලපත්‍ර සහිත රිවෝල්වර වර්ගයේ ගිනි අවිය සුරාබදු…

බලශක්ති කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුවේ සභාපති ධුරයට අජිත් පී. පෙරේරා පත් කෙරේ

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යටතේ, බලශක්ති කටයුතු පිළිබඳ අනුකාරක සභාවක් පත්කර ති‍බෙනවා. ඒ අනුව, එම බලශක්ති කටයුතු පිළිබඳ අනුකාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පත් කර…

ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වඩා තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද…

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ A/L සඳහා යෝජිත කරුණු

මෙර​ට අධ්‍යාපන පද්ධතියේ සිදු කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ යටතේ අ.පො.ස උසස් පෙළ විභාගය විෂය ධාරා 05 ක් යටතේ පැවැත්වීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව, විද්‍යාව, තාක්ෂණය, කළමණාකරණය හා ව්‍යවසායකත්වය, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාව, සහ වෘත්තීය ප්‍රවේශය යන විෂය ධාරා අතරින්…

සත්‍ය තොරතුරු සමාජගත කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ සිදුකරන සංවාද, යෝජනා චෝදනා ඉතා වැදගත්

සත්‍ය තොරතුරු සමාජගත කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ සිදුකරන සංවාද, යෝජනා චෝදනා ඉතා වැදගත් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (17)…

හැටන් නගරයේ පාවහන් වෙළඳසැලක ගින්නක්

හැටන් නගරයේ පාවහන් වෙළඳසැලක අද (18) ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න පාලනය කිරීම සඳහා හැටන් – දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරින් පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී…

හිටපු ඇමතිනී චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව ගොනු කළ නඩුව 28 වැනිදා යළි කැඳවීමට නියෝග‍

හිටපු ඇමතිනී චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ලබන 28 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, විත්තිය විසින්…