Category Local News

යූටියුබ් සුදාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශන‍යක්

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වීම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධව අධිකරණ තීන්දුවට පෙර ප්‍රකාශයක් සිදුකළ සුදත්ත තිලකසිරි නමැත්තා සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එස්.යූ. වුට්ලර් පවසනවා. ඒ එක්සත් ජාතික පක්ෂයේ…

කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

සීනිගම ඓතිහාසික ශ්‍රී මහා දෙවොල් දේවාල පෙරහර හේතුවෙන් කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දීමක් සිදුකර තිබේ. ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහර 2025.08.24 වන දින සිට 2025.08.26 වන දින දක්වා…

තැපැල් වැඩවර්ජනය අවසන් වෙයි

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය මේ මොහොතේ සිට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. අද (24) අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතා මත මෙලෙස වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර…

පොලිස් නිලධාරීන් 51කට ඒ.එස්.පී. තනතුරු

පොලිස් පරීක්ෂකවරුවන් 51 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් ⁣කර තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පොලිස් පරීක්ෂකවරුවන් 51 දෙනා සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චිය තවත් ඉහළට

පොලී අනුපාත ලිහිල් වීමත් සමඟ පරිභෝජනය ක්‍රමයෙන් ඉහළ යෑම නිසා, 2025 ජුනි මාසයේදී ක්‍රෙඩිට් කාඩ් හිඟ ශේෂයන් රුපියල් බිලියන 160.9ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නවතම දත්ත පෙන්වා දෙයි. එය 2024 ජුනි මාසයේදී පැවති රුපියල් බිලියන 150.1 සිට…

රනිල් හිරේ ගියා කියලා ප්‍රාථමික සතුටක් අපිට නැහැ – ජගත් මනුවර්ණ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දුන් තීන්දුව අධිකරණ තීන්දුවක් බවත්, එය දේශපාලන තීන්දුවක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසනවා. ජාතික ජන බලවේගය බලයට පැමිණීමට පෙර ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නීතිය සැමට පොදු බවට ප්‍රකාශ කර තිබූ බවද මාධ්‍ය වෙත…

අධි මිල භාණ්ඩ සොයා කොළඹ සිනමාහල් කිහිපයක ආපනශාලා වටලයි

නිවේදනය කළ මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන බවට ලැබුණු පැමිණිලි අනුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කොළඹ සිනමාහල් තුනක ආපනශාලා වටලා තිබෙනවා. එහිදී, දැනට සඳහන් කර ඇති මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි නොකරන ලෙස සියලුම වෙළෙඳුන් දැනුවත් කිරීමට…

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ විමර්ශන නැවත ආරම්භ කර තිබෙනවා – මහජන ආරක්ෂක ඇමති

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අවසන් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඒ අනුව, අදාළ ලිපිගොනු නීතිපතිවරයා වෙත යවා ඇති බවත්, ඊට වගකිවයුත්තන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට පියවර ගනු ඇති බවත් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී…

බර වාහන රියදුරන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන අහඹු ලෙස පරීක්ෂා කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව සිදු කිරීමට තීරණයක්

බර වාහන රියදුරන් සඳහා මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පරීක්ෂා කිරීම් සිදු කළද, බොහෝ රියදුරන් ඒ පරීක්ෂණ වෙනුවෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදී සිටිමින් පරීක්ෂණයට පැමිණෙන බවත්,, ඇතැම් පුද්ගලයන් වැරදි මූත්‍රා සාම්පල පවා ඉදිරිපත් කරන බවත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසනවා. ඒ අනුව, මත්ද්‍රව්‍ය…

විපක්ෂයේ සියලු කණ්ඩායම් කොළඹ මල් පාරට රැස්වෙයි

විපක්ෂය නියෝජනය කරන සියලු කණ්ඩායම්, කොළඹ මල් පාරේ පිහිටි පක්ෂ කාර්යාලය වෙත රැස් වී තිබෙනවා. ඒ අනුව, මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂය නියෝජනය කරන හිටපු මැති ඇමතිවරුන් මෙන්ම වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද පැමිණ සිටින බවයි…