Category Local News

දින 4ට ඩෙංගු රෝගීන් 1019ක්

නව වසරේ පළමු දින හත­රට දිව­යින පුරා ඩෙංගු රෝගීන් 1019 දෙනෙක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒක­කයේ අධ්‍යක්ෂ විශේ­ෂඥ වෛද්‍ය කපිල කන්නන්­ගර මහතා පැවැ­සීය. මේ සතියේ ක්‍රියා­ත්මක කෙරෙන ඩෙංගු මර්දන තෙදින ජාතික වැඩ­ස­ට­හන පිළි­බඳ දැනු­වත් කිරීම සඳහා ඊයේ (05)…

සංචා­රක ව්‍යාපා­ර­යෙන් විදෙස් ප්‍රේෂණවලින් ඩොලර් බිලි­යන 11ක ආදා­ය­මක්

ඉති­හා­සයේ වැඩිම ආදා­යම් මට්ටම වාර්තා කර­මින් පසු­ගිය 2025 වසරේ දී සංචා­රක ව්‍යාපා­ර­යෙන් සහ විදෙස් ප්‍රේෂ­ණ­ව­ලින් රුපි­යල් කෝටි 330,000ක (අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 11) ආදා­ය­මක් උපයා ගැනී­මට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. ඒ අනුව අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 7.8ක විදෙස් ප්‍රේෂණ මෙර­ටට ලැබී තිබෙන…

හිටපු ඇමැති බදි­යු­දී­න්ගෙන් අල්ලස් කොමි­සම පැය දෙක­හ­මා­රක් ප්‍රශ්න කරයි

පසු­ගිය රජය සමයේ කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය පව­ත්වා­ගෙන යෑම සඳහා රාජ­ගි­රිය ප්‍රදේ­ශයේ ගොඩ­නැ­ඟි­ල්ලක් කුලී පද­නම මත ගැනීම පිළි­බඳ අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාව සිදු කරන විම­ර්ශ­න­යක් සඳහා ප්‍රකා­ශ­යක් ලබා දීමට හිටපු කැබි­නට් ඇමැ­ති­ව­ර­යෙක් වන රිෂාඩ් බදි­යු­දීන් මහතා ඊයේ (05) එහි පැමිණ…

පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් ගලෙන්බිඳුණුවැවෙන් වාර්තා වූ ඛේදවාචකය

අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ නිවසකට පවුල් ආරවුලක් මත පියා විසින් පෙට්‍රල් දමා සිය නිවසට ගිනි ගිනි තැබීමකින් පියා සහ දියණිය මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. අද (06) අලුයම 2 පමණ ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු විසින් මෙම…

2026 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වෙයි

2026 වසර සඳහා අද (06) පළමුවරට පාර්ලිමේන්තුව රැස්වී තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වුණා. අද දිනයේදී ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ වන නියෝග සහ ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ…

වෙනිසියුලාවේ සිදුවීම ගැන ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන බවට නිවේදනයක්

වෙනිසියුලා රාජ්‍යය තුළ මෑතකදී උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන බවත්, එම සිදුවීම් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ශ්‍රී ලංකා රජය පවසනවා. වෙනිසියුලාවේ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මේ…

උසස් පෙළ විභාගය වෙනුවෙන් වන උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරේ

2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න…

අද කාලගුණ නිවේදනය

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින අතර, ඒ හේතුවෙන් ජනවාරි 08 සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තවදුරටත් වර්ධනයක් බලාපොරොත්තු වන බව…

CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. වැඩි වූ මිල සහ නව මිල පහතින්. * සුදු ඩීසල් –  රු.02 කින් (නව මිල රු.279) * පෙට්‍රල් 95 – රු.05…

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ පුත්‍රයා ජනවාරි 09 දක්වා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයා ජනවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අද (05) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර වූ අවස්ථාවේදී ඔහු සහ ඔහුගේ බාල පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබුණා. සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්…