Category Health

ඖෂධවේදීන් නැති ෆාමසි 60ක බලපත් අත්හිටුවයි

පසුගිය මාස 5 ක කාලය තුළ ඖෂධශාලා 60ක බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. ඖෂධවේදියෙකු නොවීම හේතුවෙන් එම පියවර ගත් බව එහි ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ මහතා කියා සිටී.

ඖෂධ නියාමන අධිකාරිය සතුටුදායක දියුණුවක් ලබලා-සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

පසුගිය 2023 වසර අවසාන භාගය වන විට ඖෂධ නියාමන අධිකාරිය මුහුණ පා තිබුණු තත්ත්වයත් සමඟ සලකා බලන විට මේ වන විට ඉතා සතුටුදායක දියුණුවක් ලබා ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේය. ඔහු…

වසරේ ගත වූ කාලය තුළ 47,000 ඉක්මවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක්

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 47,599 දෙනෙකු වාර්තාවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 20,519කි. එහිදි කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 12,030 දෙනෙකු වාර්තා වී තිබේ.…

තරුණයන්ගෙන් හතරෙන් තුනකට මානසික ආතතිය-ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් චින්තක හේවාපතිරණ

අප රටේ තරුණයන්ගෙන් 75%ක් පමණ මානසික ආතතියෙන් පෙළෙන බවත්, ඔවුන් අපේක්ෂා භංගත්වයකින් පසු වන බවත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ චින්තක හේවාපතිරණ මහතා සඳහන් කරයි. ඔහු මේ බව අනාවරණය කළේ මාතර, කඹුරුපිටිය, සපුගොඩ රතනපාල විද්‍යාලයේදී පසුගියදා…

යාපනය කැළඹූ උණ රෝගය ගැන හඳුනා ගනියි

යාපනය රෝහලේදී පුද්ගලයන් 07 දෙනෙක් මිය යාමට හේතුව මී උණ බව තහවුරු වී තිබෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ අදාළ සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව මේ බව තහවුරු වූ බවයි. උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් ගෙවුණු දින කිහිපය…

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දිගු කරයි

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුද්දකින් දීර්ඝ කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. වෛද්‍යවරයකුගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව මෙතෙක් අවුරුදු 62 වශයෙන් පැවති අතර නව තීරණයට අනුව එය අවුරුදු 63 දක්වා ඉහළ දමා තිබේ.…

හඳුනා නොගත් යාපනයේ උණ ගැන පරීක්ෂණ

යාපනය දිස්ත්‍රික්කයේ හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් පැතිර යෑම සම්බන්ධයෙන්  වසංගත රෝග විද්‍යා අංශය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (11) මාධ්‍ය හමුවක් පැවැත්විණි මෙම රෝගී තත්ත්වය මී උණ රෝගී තත්ත්වයද යන්න තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙන බව…

මුල් මාස 10 තුළ ලාදුරු රෝගීන් 1000 ඉක්මවයි

මෙම වසරේ මුල් මාස 10 තුළ ලාදුරු රෝගීන් දහසකට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය සදහන් කරයි. එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත මහත්මිය සඳහන් කළේ, එම කාලය තුළ රෝගීන් 1,084 දෙනෙකු හඳුනාගෙන ඇති බවය. ඒ අතරින් සියයට 68ක්…

සෞඛ්‍ය සේවාවේ ඵල­දායි ප්‍රති­ඵල අත්කර ගැනී­මට සැලැ­ස්මක් සකස් කිරී­මට පිය­වර ගන්නවා-සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස

මෙරට සෞඛ්‍ය සේවාව තුළ ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය ඇතුළු අන්ත­ර්ජා­තික සංවි­ධාන දැනට මෙන්ම ඉදි­රි­යට ද ක්‍රියා­ත්මක කරනු ලබන ව්‍යාපෘ­තීන් නිසි ඇග­යී­මට ලක්කර පුළුල් පහ­සු­කම් සප­ය­මින් නවීන තාක්ෂ­ණ­යද භාවිත කර මනා කළ­ම­නා­ක­ර­ණ­යක් තුළින් වඩා ඵල­දායි ප්‍රති­ඵල අත්කර ගැනී­මට හැකි සැලැ­ස්මක් සකස් කිරී­මට…

අයිතීන් සුරකිමු – ඒඩ්ස් නවතමු

ලෝක ඒඩ්ස් දිනය යෙදී තිබුණේ ඊයේ (01)ටය. “අයිතීන් සුරකිමු – ඒඩ්ස් නවතමු” තේමාවෙන් මෙවර ඒඩ්ස් දින ජාතික සැමරුම් උත්සවය පැවතියේ කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගණයේදීය. මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගිවූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය…