Category Foreign

දකුණු කොරියානු ජනපති දෝෂාභියෝගයෙන් නූලෙන් බේරෙයි

උතුරු කොරියානු බලවේග සහ අභ්‍යන්තර රාජ්‍ය විරෝධීන් මැඬ පැවැත්වීමට බව කියමින් දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල් පසුගියදා ප්‍රකාශයට පත් කළ යුද නීතිය එරට පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් අවහිර කිරීමෙන් පසු ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාව සියුම් අයුරින් පරාජය කිරීමට…

සිරියානු ජනාධිපති රට හැර ගිය බවට රුසියාවෙන් තහවුරුවක්

බලයෙන් පහ කළ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාඩ් ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් සහ සෙසු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු සිය ධුරය හා රට හැර ගිය බවත්, සාමකාමී බල හුවමාරුවක් සඳහා උපදෙස් ලබා දුන් බවත් රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස්…

සිරියාවේ ඉරාන – ඉරාක තානාපති කාර්යාල ඉවත් කර ගනී

ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම දමස්කස් නුවර වට කිරීමට මොහොතකට පෙර සිය තානාපති කාර්යාලයේ නිලධාරින් ඉන් ඉවත්වූ බව ඉරානය සහ ඉරාකය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මායිල් බගෙයි උපුටා දක්වමින් ටෙහෙරාන් ටයිම්ස් පුවත් සේවය එම…

වසර 53ක අසාඩ් පාලනය බිඳදමා ඉස්ලාමීය කැරලිකරුවෝ සිරියාව අල්ලති-ජනපති රට හැර යද්දී ජනතාවගෙන් සතුටු සැමරුම්

අතිශය වේගවත් ආක්‍රමණයකින් බෂාර් අල් අසාඩ්ගේ රජය පෙරළා දමා සිරියාවේ බලය අත්කරගත් බව එරට කැරලිකාර ඉස්ලාමිය සන්නද්ධ කණ්ඩායම නිවේදනයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සතියේදී සිරියානු රජයේ හමුදාවට විස්මිත ප්‍රහාරයක් එල්ල කරමින් වයඹදිග සිරියාවේ ඇලෙප්පෝ නගරය අල්ලාගත්…

නිදහස් මැතිවරණයක් ඉල්ලන සිරියාවේ විපක්ෂ නායක

නායකත්වය තීරණය කිරීම සඳහා ජනතාවට නිදහස් මැතිවරණයක් අවශ්‍ය බව සිරියානු අගමැති Mohammed Ghazi al-Jalali පවසනවා. සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිරියානු කැරලිකරුවන් අගනුවරට – සිරියානු ජනපති රටින් පළා යයි

වසර ගණනාවක යුද්ධයෙන් බැටකන සිරියාවේ සන්නද්ධ කණ්ඩායම් පවසන්නේ, ඔවුන් ඩමස්කස් අගනුවර අල්ලා ගත් බවයි. ජනාධිපති බෂාර් අල් අසාද් රටින් පළාගොස් ඇති බවත්, අල්ජසීරා ප්‍රවෘත්ති සේවය වාර්තා කර ඇත. පැය කිහිපයකට පෙර දරුණු ප්‍රහාරයකින් හෝම්ස් නගරය කැරලිකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන්…

ඩොනල්ඩ් ට්‍රම්ප්, විලියම් කුමරුට කිව්ව දේ

ප්‍රංශයේ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර (Notre-Dame) චාරිත්‍රානුකූලව නැවත විවෘත කිරීම සඳහා ප්‍රංශයට ගිය වේල්ස් කුමරු සහ අමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදු විය. මීට වසර පහකට පෙර ගින්නකින් විනාශයට පත් වූ ලෝක ප්‍රසිද්ධ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර ප්‍රතිසංස්කරණය…

නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය හකා නැටීම ගැන කතා කරයි

මෑතකදී සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී වයස අවුරුදු 22ක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී හනා-රාව්හිටි මයිපි-ක්ලාක් තම ප්‍රසිද්ධ හකා නැටුම සහ සංස්කෘතික නියෝජනය පිළිබඳව අදහස් දක්වා තිබේ. ගිවිසුම් මූලධර්ම පනත් කෙටුම්පතට එරෙහිව හකා නැටීම නිසා ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියට පත් ඇය, මාඕරි උරුමය ගැන…

ප්‍රංශ රජය බිඳ වැටෙයි

විශේෂ බලතල භාවිත කරමින් ඡන්ද විමසීමකින් තොරව අයවැය සම්මත කර ගැනීමට උත්සාහ කළ ප්‍රංශ අගමැති මිචෙල් බාර්නියර් විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාවකින් බලයෙන් පහකිරීමත් සමඟ ප්‍රංශ රජය බිඳ වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 1958 වසරෙන් පසු විශ්වාසභංග…

පාකිස්තානයේ විදුලි අර්බුදය ඉහළට

පාකිස්තානයේ ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් වෙත ගෙවීමට ඇති මුදල මේ වසර අවසන් වන විට පාකිස්තාන රුපියල් ට්‍රිලියන 2.8 දක්වා ඉහළ යනු ඇතැයි එරට දත්ත වාර්තාවල සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රමාද වූ ගෙවීම් සහ බෙදාහැරීමේ අකාර්යක්ෂමතාව හේතුවෙන් සිදුවන පාඩු…